Abstract:
ක්රි. පු. 6 වන සියවසේ දී භාරතීය සමාජයේ පහළ වූ බුදුදහම එදා මෙදා තුර පොදු ජනයා අතර ජනප්රිය වී ඇත්තේ මෙලොවට හා පරලොවට යන දෙලොවට ම අදාළ වන, එසේ ම එම අදාළ වීම අර්ථවත් කරගැනීම සඳහා ජීවිතය තුළින් ක්රියාත්මක කළ හැකි ධර්මස්කන්ධයක් අන්තර්ගත විශිෂ්ට දහමකි. බුදුදහම වූ කලී හුදු විශ්වාස පද්ධතියක් හෝ ඇදහිලි සමුහයක් හෝ නොව, ක්රියාත්මක කිරීම සඳහා වන ක්රියාකාරකම් සමුදායකි. සත්වයාගේ මුලික ගැටලුව ලෙස සලකනු ලැබු දුකත්, එය ඇති වීමේ හේතුව, එය නැති කිරීම හා එසේ කිරීමේ මාර්ගය යන මේ සතර කරුණු සමස්ත බෞද්ධ චින්තනයෙහි හරය සේ සැලකිය හැකිය. භක්තික හා ඥානික යනුවෙන් දෙපරිදි කළ හැකි සමස්ත ආගම් පද්ධතිය අතුරෙන් බුදුදහම අයත් වන්නේ ඥානික ආගම් පාර්ශ්වයට ය.