Abstract:
ත්ර පිටකයේ විවිධ ස්ථානවල සඳහන් වන පුද්ගල වර්ගීකරණය අභිධර්ම පිටකයේ පුග්ගලප්රඥප්ති ප්‍රකරණයෙහි කිසියම් වූ අංකගත ප්රවේශයකින් සංග්‍රහ කොට තිබෙනු දැකිය හැකිය. කුසල හා අකුසල මූල පදනම් කරගෙන පුද්ගලයා සම්බන්ධව ඉදිරිපත් වී තිබෙන වර්ගීකරණ ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත වන අතර මජ්ඣිම නිකායට අයත් සල්ලේඛ සූත්‍රයේදී මනෝවිකෘතිතා 44ක් පමණද (මජ්ඣිමනිකාය 1, සල්ලේඛ සූත්‍රය, එම, පි. 106-109), වත්ථුපම සූත්‍රයේදී එබඳු දුස්සමාහිතතා 16ක් පමණද දැක්වේ (මජ්ඣිමනිකාය 1, වත්ථුපම සූත්‍රය, එම, පි. 82.).