Abstract:
අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් කෙරෙන විමසුමකි කවර සමාජයක වුව ද විශ්වය, ලෝකය හා සමස්ත ජීව අජීව ප්‍රජාවගේ ආරම්භය හා සම්බන්ධ ව ඉදිරිපත් වූ ජනකථා හා කතාන්දර දැකිය හැකි ය. මිථ්‍යා ප්‍රබන්ධ ගහනඑබඳු කතාවන්හි අරමුණක් විය හැකි වන්නේ උක්ත කී ප්රස්තතුයන්හි ආරම්භය ගෙනහැර දක්වනු කෙසේ වෙතත් ඒවා ආකාස්මික ව එක වර පහළ නොවූ ඒවා බව ගෙනහැර දැක්වීම ය. කෙසේවෙතත් දේව නිර්මාණවාද, පාරභෞතිකවාද හා වෙනත් උත්තරානුභූතික සංකල්පවලින් බැහැර ව විශ්වය හා ප්‍රජාවගේත් ලෝකය හා සත්ත්වයාගේත් ආරම්භය, විකාශය අතිශය විද්‍යාත්මක ව, තාර්කික ව ගැඹුරු පදනමකින් ඉරිපත් වන වැදගත් බෞද්ධ මූලාශ්‍රයක් වන්නේ අග්ගඤ්ඤ සූත්‍රය යි.