Abstract:
පුද්ගලයාගේ සිත උපතින්ම ප්රභාස්වරය; පැහැපත්ය; පවිත්රය; නිර්මලය. ආගන්තුක වූ උපක්ලේෂවලින් එය කිලිටි බවට පත් වේ (පභස්සරමිදං ඛෝ භික්ඛවේ චිත්තං තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨන්ති). පුද්ගලයා ක්රියාවට මෙහෙයවන්නේ චිත්තයයි. චිත්තය විසින් ලොව හසුරුවනු ලබන නිසාත්, අදිනු ලබන නිසාත් සැම දෙනාම චිත්තය නම් වූ එකම දහමට වසඟව සිටියි (චිත්තේන නීයතී ලෝකෝ -චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒකධම්මස්ස - සබ්බේව වසමන්වගු). මේ අනුව සිත ලෝකය පවත්වාගෙන යන බවත්, පෘථග්ජන සියල්ලන් සිතෙහි වසඟයට යෑම ස්වාභාවික ධර්මතාවක් බවත් අනාවරණය වේ. සිතෙහි ස්වභාවය නම් ක්ෂණයක් පාසා වෙනස් වන බවයි. සිතෙහි මේ වෙනස් වීම හා සැසඳීමට උපමාවක්ද දැක්වීමට දුෂ්කර බව බුදුරදුන් පෙන්වා දී ඇත. සිතෙහි ත්රිලක්ෂණානු ස්වරූපය පිළිගන්නා බුදුසමය එහි පදාර්ථමය, අමරණීය ස්වරූපයක් නැති බව අවධාරණය කරන බව පෙනේ. සිතෙහි ස්වභාවය ධම්මපදයෙහි විශේෂිත පද රාශියකින් සාකච්ඡා කරයි