Abstract:
යථාර්ථය පිළිබඳ කිසියම් සංකල්පනාවක්හෝ මතයක් හෝ කරුණක් හෝ සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගැනීම (හෝ දැරීම)විපර්යාසයි. අනිත්‍ය දෑ නිත්‍ය ලෙස ගැනීම, දුක් සහගත දෑ සුඛ සහගත ලෙසගැනීම, අනාත්ම දෙය ආත්ම ලෙස ගැනීම හා අසුභ වූ දෙය සුභ ලෙස ගැනීම යනාදී ලෙස එනවිපර්යාස ප්රත්යක්ෂය (සංඥා) ද මනස හෙවත් සිතිවිලි (චිත්ත) ද මතවාද (දෘෂ්ටි) ද පදනම් කරගෙන ක්‍රියා-ත්මක වේ.අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හාඅසුභ යනාදිය අයත් වන්නේ ලෝක යථාර්ථය නිරූපණය කරන ප්‍රඥා සම්ප-ත්තිය සඳහා දායක වන ධනාත්මක අංශයට ය. එමෙන් ම එහි ප්‍රතිවිරුද්ධ අංශය වන නිත්‍ය, සුඛ, ආත්ම හා සුභ යනාදිය අයත් වන්නේ විපර්යාස සහගතභාවය නිරූපණය කරන ඍණාත්මක අංශයනියෝජනය කරන පෘථග්ජන පුද්ගලයා තුළ ඇති වන්නා වූ විශුද්ධියට හෙවත්විශුද්ධියට බාධා පමුණුවන්නකි. විපල්ලාස යනු විකෘති ස්වභාවය යි.