Abstract:
ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රධානතම බලවේගගයක් වූයේ ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයන් මගින් මෙහෙයවනු ලැබු ආර්ථික සංවර්ධනයක් තුළ බිහිවෙමින් ක්‍රමයෙන් ස්ථාපිත වූ විශේෂ ගති ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා නම්,
1. කාර්ය සාධනය නිවස්නයන් හෝ පවුල් ආශ්රයෙන් මිදී කර්මාන්තශාලා, කර්යාල හා කඩ සාප්පු කරාද, සංක්‍රමණය වීම.
2. රෙපයාර් කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ සේවාවන් වෙනුවට, කෙටිකලක් භාවිතා කොට විසි කොට දැමිය හැකි නිශ්පාදනයන් ඉහළ නැංවීම.
3. තාක්ෂණය වැඩි දියුණු කරමින් මාන්ස ශ්‍රම ආයෝජනය වෙනුවට මුල්‍ය ආයෝජනය කෙරෙහි නැඹුරු වීම.
4. මෝස්තර අලෙවිකරණ සංකල්පයක් බිහිවීම නිසා නිශ්පාදකයා විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයන් වෙළඳපොළ මඟින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයන් බවට පරිවර්තනය වීම.
5. අති විශාල කාර්මික හා වාණිජ සංවිධානයන් සුලුකරයක් අතට බොහෝ කටයුතු පත් වීමත්, දේශීය කුඩා හා මධ්‍යම පරිමාණ සංවිධානයන් මේ නිසා පීඩාවට පත් වීම.
6. මුල්‍ය හා කළමනාකරණ හිමිකම් ජාත්‍යන්තරකරණය වීම.