රයිගම රාජධානියේ රජ මාලිගය හා වීර අලකේශ්වර ප්‍රභූ පවුල පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක විමර්ශනයක්

Show simple item record

dc.contributor.author පෙරේරා, ඩබ්.ඒ.කේ.ඩී
dc.date.accessioned 2023-10-19T03:33:01Z
dc.date.available 2023-10-19T03:33:01Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15159
dc.description.abstract ශ්‍රී ලංකා ඉතිහාසයේ හමුවන රාජධානි අතර අප්‍රකට රාජධානියක් වශයෙන් රයිගම රාජධානිය හඳුන්වා දිය හැකි ය. ගම්පොළ රාජධානියට සමකාලීනව පැවත එන රයිගම රාජධානිය සම්මත වර්ෂ දහතුන්වන සියවසේදී පමණ ආරම්භ වී ඇති බවට සාහිත්‍යමය සාධක පවතින අතර දසවන අලකේශ්වර මෙම රාජධානියේ ආරම්භක පාලකයා වශයෙන් සැලකෙයි. විශාල ප්‍රාකාර බැම්මක් සහිත බලකොටුවක් නැතහොත් මාලිගාවක් ඉදිකරන ලද මොහුගේ පාලන තන්ත්‍රයෙන් පශ්චාත්කාලීනව අලකේශ්වර පවුලට අයත් පාලකයන් නවදෙනෙකු පමණ රාජ්‍ය විචාළ බව සඳහන් වෙයි. තත්කාලීන ව දියුණු සමාජ ක්‍රමයකට හිමිකම් දරන රයිගම රාජධානිය ජනාකීර්ණ හා ආර්ථික සමෘද්ධියෙන් සන්නද්ධ ව පැවති ප්‍රදේශයක් බවත්, මෙහි රාජකීයයන් වාසය කළ බවත් මයූර සන්දේශය වැනි මූලාශ්‍රයයෙන් අනාවරණය කෙරෙයි. එසේ ම පුරාවිද්‍යා කැණීම්වලදී පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම විහාර පරිශ්‍රයෙන් හමු වූ කබොක් ගල්වලින් ඉදිකරන ලද විශාල ප්‍රාකාරය, විශාල පොකුණ, සඳකඩ පහණ, ස්මාරක හා ගල් කණු රයිගම් රාජධානියේ අතීත රජ මාලිගයේ නටබුන් බවට සසාධක ව සනාථ කොට ඇත. මෙහි පර්යේෂණ ගැටලුව වනුයේ රයිගම රාජධානියේ රජ මාලිගය හා අලකේශ්වර ප්‍රභු පවුල ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ කවර කාරණා හේතු කොටගෙන ද යන්නයි. මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ රයිගම රාජධානියේ රජ මාලිගයේ ඓතිහාසික වටිනාකම පිළිබඳ විමර්ශනය කිරීමයි. මෙය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ ක්ෂේත්‍ර අධ්‍යයනය හා පුස්තකාල සමීක්ෂණය ඇසුරින් සපයා ගන්නා ලද ප්‍රාථමික හා ද්විතීය මූලාශ්‍රය භාවිතයෙන් සිදු කරන ලද අධ්‍යයනයකි. මෙම අධ්‍යයන කාර්යයේදී ශ්‍රී පුෂ්කාරාම විහාර පරිශ්‍රය නිරීක්ෂණය කොට අනතුරුව විෂය ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් ලබාගන්නා ලදී. කලින් කල විවිධ පාලකයන්ගේ වෙනස්කම්වලට ලක්වූ රයිගම් රාජධානිය ඓතිහාසික වශයෙන් වැදගත් වීමට එහි මාලිගාවේ වාස්තු විද්‍යාව හේතු වූ බව මෙමඟින් හඳුනා ගත හැකි විය. එනයින් තත්කාලීන සමාජයේ දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් හා වාස්තු විද්‍යාත්මක පසුබිමක් පැවති බවත් මෙනයින් නිගමනය කළ හැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject කබොක් ගල් ප්‍රාකාරය en_US
dc.subject ගෘහනිර්මාණ ශිල්පය en_US
dc.subject රජ මාලිගය en_US
dc.subject රයිගම රාජධානිය en_US
dc.subject ස්මාරක en_US
dc.title රයිගම රාජධානියේ රජ මාලිගය හා වීර අලකේශ්වර ප්‍රභූ පවුල පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account