Abstract:
ලෝකයේ ඕනැම සෛවරී රාජ්‍යකම ආර්ථික හා සමාජීය සංවර්ධනය සම්බන්ධයෙන් රජය අනුකූලතාවයක් දැක්වීම විවිද ප්‍රමාණයෙන් සිදුවේ. මේ සදහා ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවකට පැවරෙන වගකීම් අති විශාලය. නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමනක් නොව සමාජ අසාධාරණයන් සමනය කිරීම. සමාජය සතු සම්පක් ථලදායී ආර්ථික කටයුතුවල යෙදවීම සඳහා වගබලාගැනීම,සම්පත් ආයෝජනය තුලින් ලැබෙන අතිරික්තය පොදුවේ සමාජය තුල බෙදා හැරීමට කටයුතු කිරීම,අධ්‍යාපන සෞඛ්‍ය ආදී පොදුසේවා ක්‍රියාත්මක කිරීම,ආර්ථික හා දේශපාලන නිදහස සුරඛ්ෂිත කිරීම රජය වෙත පැවරෙන භාරදූර කාර්යයන් වේ ඕනෑම රටක ජීවත් වන ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව වනුයේ තම රට ආරථීක වශයෙන් සුඛිත මුදිත වීමය එම වගකීම පැවරී ඇත්තේ තමන්ය බැවින් එම අරමුන ඉටුකරගැනීම සඳහා බලයට පත්වන රජයන් ද විවිධ දර්ශණයන් ඔස්සේ සංවර්ධන ප්රතිපත්තීන් ක්‍රියාත්මක කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ ආර්ථික කටයුතුවලදී රජයේ මැදිහත්වීම සහ නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්රතිපත්තීන් විමසා බැලීමය.