Abstract:
බුදුදහම දර්ශනයක් මෙන් ම මනෝවිද්‍යාවක් වශයෙන් ද හැඳින්විය හැකි ය. වෙනත් කිසිදු ආගමක් හෝ දර්ශනයක නොමැති ආකාරයට බුදුදහමෙහි මනස පිළිබඳ වඩාත් ගැඹුරින් සාකච්ඡා කොට තිබේ. සියල්ලට ම මනස පදනම් වන බව බෞද්ධ ඉගැන්වීම යි. බුදුදහමට අනුව මානසික ගැටලුවක් යනු චෛතසික ගැටලුවකි. චෛතසික වශයෙන් තමන් විසින් ඇති කරගන්නා වූ ආකල්ප, විශ්වාස, සිතුවිලි, පුරුදු පුහුණු ආදිය මානසින් ගැටලුවක් හෝ මානසික රෝගයක් දක්වා වර්ධනය වේ. මානසික ගැටලු නිරාකරණය සඳහා බටහිර උපදේශනය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර තුළ බොහෝ න්‍යායන් හා ක්රමශීල්ප හඳුන්වා දී තිබේ. වෛද්‍ය විද්‍යාවෙහි මේ සඳහා ඖෂධ ප්‍රතිකාර පවතී. බෞද්ධ උපදේශනය තුළ ද ගැටලු නිරාකරණය සඳහා විවිධ ප්‍රවේශ අනුගමනය කරයි. මානසික ගැටලු නිරාකරණය සඳහා න්‍යයක් වශයෙන් යෝනිසෝමනසිකාර සංකල්පය උපයෝගී කොට ගත හැකි අයුරු විමර්ශනය කිරීම මෙම පර්යේෂණයෙහි ප්‍රධාන අපේක්ෂා කර විය. බෞද්ධ යෝනිසෝමනසාකාර සංකල්පය මගින් වර්තමානයෙහි පුද්ගලයා මුහුණ දෙන මානසික ගැටලු නිරාකරණය සිදුකළ හැකිද යන්න අධ්‍යයනය කිරීම මෙහි පර්යේෂණ ගැටලුව විය. එය බෞද්ධ ඉගැන්වීම් ආශ්රයෙන් විමර්ශනය කිරීම සිදුකරන ලදී. ඒ අනුව සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය ප්‍රධාන ප්‍රාථමික මූලාශ්‍ර වශයෙන් භාවිතා කෙරිනි. අතිරේක වශයෙන් අදාළ ද්විතීයික මූලාශ්‍ර අධ්‍යයනය කිරීම සිදුවිය. කිසියම් අරමුණක් නුවණින් තොරව මෝහයෙන් අවිද්‍යාවෙන් යුක්ත ව මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාරය යි.මනස තුළ උපන් මෙබඳු අහේතුවාදී චිත්තවේග උපාදාන වශයෙන් දැඩි ව ගෙන නිරන්තරයෙන් නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් මානසික ගැටලු, මානසික රෝග ඇතිවන බව මෙහි දී සනාථ කරගත හැකි විය. මානසික රෝග අතර බහුල වශයෙන් දැකිය හැකි ගිය (Phobia) කාංසාව (Anxiety) විශාදය (Depression) ක්ලමථය (Stress) සියදිවිනසා ගැනීම (Suicide) මතපැන් මත්ද්‍රව්‍ය භාවිතය ආදිය මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. යෝනිසෝමනසිකාරක යනු නුවණින් මෙනෙහි කිරීම යි. කිසියම් අරමුණක යථා ස්වභාවය නිවැරදි ව හේතුඵලවාදී ව මෙනෙහි කිරීම හේතුවෙන් අදාළ සෘණාත්මක චිත්තවේග පහළ පහළ වීම වළක්වාගත හැකි බවත් එමඟින් එබඳු මානසික ගැටලුවක් නිරාකරණය කිරීම ද සිදුකළ හැකි බවත් මේ අනුව අනාවරණය විය. එහෙයින් මානසික ගැටලු නිරාකරණ න්‍යායක් වශයෙන් බෞද්ධ යෝනිසෝමනසිකාර සංකල්පය උපයෝගී කොටගත හැකි බව නිගමනය කළ හැකි ය.