Abstract:
ථෙරවාදී බුදුසමය තුළ ආචාර ධර්මවලින් අපේක්ෂා කරන්නේ පුද්ගලයාගේ සංසාරික ජීවිත රටාව යහපත් බවට පත් කර කරන අතර ම ඔහු උදාර පරමාර්ථයක් කරා මෙහෙයවීම යි. ඒ සඳහා පුද සිරිත් හා සම්බන්ධ වන බෞද්ධ ආචාර ධර්මවලින් විශේෂ කාර්යභාරයක් සිදුවන බව හඳුන්වාදීම මෙම පර්යේෂණයේ අරමුණයි. ග්‍රීක භාෂාවේ ‘Ethos’ යන වචනයෙන් බිඳී ආ ‘Ethics’ යන වචනයෙන් අදහස් කරන්නේ ආචාර විද්‍යාව යන්නයි. එහි චාරිත්‍රය, සදාචාරය, යහපත් හැසිරීම යන අර්ථ අන්තර්ගත වෙයි. ඒ අනුව ඉන්දීය බ්‍රාහ්මණ සමාජයෙ හි ආචාර ධර්ම “ධර්ම” නමින් හදුන්වන අතර බුදුසමය තුළ ආචාර ධර්ම යන්න සීලය හා සම්බන්ධ වේ. ඉතා සැකෙවින් සීලය යනු කායික හා වාච්සික සංවරය යි. එසේ ම ආචාර විද්‍යාත්මක යනු ආචාර ධර්ම පිළිබඳ විද්‍යාවට අනුකූල වීම යි. මෙම අර්ථකථනයන් අනුව මුල් බුදු සමය තුළ විග්රහවන ආමිස හෝ ප්‍රතිපත්ති යන ද්වයට ම අයත් පූජාවන්හි අන්තර්ගතය සීලය, විරමනය, පරහිතකාමීත්වය අවමයෙන් තෘප්තිමත් වී උපරිමය අතිරේකයක් කොට සැලකීම, සමාජානුයෝජනය, දානය, ප්‍රියවචනය, අර්ථචරියාව, සමානාත්මතාව, කායික හා මානසික නිරෝගීබව උදෙසා කටයුතු කළ යුතු ආකාරය ආදිය හා සම්බන්ධ ආචාර ධර්ම පිළිබඳ ව මෙමගින් අවධාරණය කරනු ලැබේ. එබැවින් බෞද්ධ පූජා චාරිත්‍ර උත්සව ආචාර විද්‍යාත්මක වශයෙන් ද වැදගත්වන බව තහවුරු කළ හැකිවීම හා ථෙරවාදී බුදුසමය තුළින් ඒවා විද්‍යමාන වන ආකාරය පෙන්වාදීමට හැකි වීම මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රතිඵලය ලෙස දැක්විය හැකිය. පාඨ විශ්ලේෂණය හා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිතා කර සිදු කළ මෙම අධ්‍යයනයේදී බෞද්ධ පුදපූජාවන් කොතෙක්දුරට බෞද්ධ ආචාර ධර්ම සමග සම්බන්ධවන්නේදැයි දක්වන අතර එමඟින් ථෙරවාදී බුදු සමය විසින් පුදසිරිත් හා උත්සව ප්‍රතික්ෂේප කරන ලද බව ප්‍රකාශිත ඇතැම් මතයන් නිශේධනය කරනු ලබයි.