Abstract:
නුතන සිංහල කාව්‍ය ප්රවණතා වර්ගීකරණයෙහි ලා වාස්තවික තත්ත්ව හෝ පිළිගත හැකි නිර්ණායක පදනම් කර ගත් නිර්වචන වර්තමාන කාව්‍ය විචාරය සහ අධ්‍යයනය සඳහා පරිභාවිත නොවන අතර භාවිත කෙරෙන විවිධ නිර්වචන පවා පොදු සම්මුතියකින් තොර පුද්ගල අභිමත හෝ දිගු කලක් තිස්සේ පරිහරණය කිරීම යන හේතු නිසා ව්‍යවහාර කෙරෙන ඒවා බව පැහැදිළිය. මේ පත්‍රිකාවේ අරමුණ සිංහල කාව්‍ය ප්රවණතා වර්ගීකරණයෙහි ලා වර්තමානයේ උපයුක්ත කර ගැනෙන වර්ගීකරණවල සප්රමාණ හෝ අප්‍රමාණ බව විමර්ශනයට ලක් කිරීම සහ වාස්තවිත සහ ෙඑතිහාසික හේතු සාධක පදනම් කර ගත් ප්රවණතා වර්ගීකරණයක් යෝජනා කිරීම ය. නුතන සිංහල කාව්‍ය සාහිත්‍යය යනුවෙන් සාහිත්‍ය ප්රවර්ගයක් ව්‍යවහාරයෙහි ස්තාපිත වු දා පටන් එය විවිධ ප්රවණතානුරූපී වර්ගීකරණයකට ලක් විය. විවිධ විචාරකයන් විසින් රචනා කරන ලද කෘතිවල ද අධ්‍යයන පාඨමාලා සඳහා නිර්දේශිත පාඨ්‍ය ග්‍රන්ථවල ද නුතන සිංහල කාව්‍ය ප්රවණතා වර්ගීකරණය පොදුවේ පිළිගත හැකි පිළිවෙතකට අනුකූල ව යෙදී ඇති බවක් නොපෙනේ.කොළඹ යුගයේ කවි යනුවෙන් එක් ප්‍රවණතාවක් නම් කොට එම ප්‍රවණතාව කොළඹ යුගයේ වැඩිහිටි කවීන්ගේ නිර්මාණ සහ කොළඹ යුගයේ තරුණ කවීන්ගේ නිර්මාණ යනුවෙන් අනු ප්රවණතා දෙකකට වර්ග කර තිබෙනු දැකිය හැකි ය.මෙහි දී කොළඹ යුගය යන සාවද්‍ය ව්‍යවහාරය මෙන් ම අනු ප්රවණතා වර්ගීකරණය ද තරුණ වැඩිහිටි යනුවෙන් දක්වා තිබීම අතාර්කික ය. මේ වර්ගීකරණ අතර තිබෙන නිශ්චිතාර්ථවත් එක ම වර්ගීකරණය හෙළ හවුලේ කවීන්ගේ නිර්මාණ යනුවෙන් සිදු කර තිබෙන නාමකරණය පමණි. නවසිය හතලිහ දශකයේ මැද භාගයේ සිට ව්‍යාප්ත වීම ඇරඔුණු නිදහස් කාව්‍ය නිර්මාණ හැඳින්වීම සඳහා වුව සම්මත නිශ්චිත යෙදුමක් භාවිත වන බවක් ද නො පෙනේ.නිසඳැස් පද්‍ය, නිදහස් පද්‍ය වැනි තර්ක විරෝධී සහ න්‍යාය විරෝධී යෙදුම් ව්‍යවහාරයෙහි තහවුරු වී ඇති සෙයක් දක්නට ලැබේ. සාහිත්‍ය අධ්‍යයනයෙහි සහ විචාරයෙහි ලා නිශ්චිතාර්ථවත් යෙදුම් ව්‍යවහාර කිරීම ප්රමුඛ අවශ්‍යතාවකි. නුතන සිංහල කාව්‍ය අධ්‍යයනයෙහි සහ විචාරයෙහි ලා නිශ්චිතාර්තවත් යෙදුම් ව්‍යවහාරයට ගැනීමට මෙතෙක් ප්‍රමාණවත් උත්සාහයක් දරා ඇති බවක් නොපෙනේ.මේ තත්වය හේතු කොට ගෙන නුතන කාව්‍ය සම්බන්ධයෙන් සංයුක්ත විග්‍රහයක් කිරීම අසිරු ය.එබැවින් නුතන සිංහල කාව්‍ය යේ ප්රභවයට සහ විකාසනයට තුඩු දුන් සමාජ ෙඑතිහාසික සාධක සහ පසුබිම් සැලකිල්ලට ගනිමින් කාව්‍ය ප්රවණතා නිවරදි ව නම් කිරීම වැදගත් අවශ්‍යතාවකි.කොළඔ කවීයෙහි පළමු තරංගය, කොළඔ කවීයෙහි දෙවන තරංගය, හෙළ හවුලේ කවි, නිදහස් කවියෙහි පළමු තරංගය, නිදහස් කවියෙහි දෙවැනි තරංගය, යනුවෙන් ප්රවණතා පහකට වර්ග කිරීමෙන් සංදිග්ධතාවකින් තොර නිශ්චිතාර්තවත් පදනමක් නුතන සිංහල කාව්‍ය අධ්‍යයනයට සහ විචාරයට ඇති කර ගත හැකි ය.