උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය ආශ්‍රිතව සිදුකෙරෙන කිරි අම්මාවරුන්ගේ දානය පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author වීරසිංහ, ඩබ්.ටී.එච්.හර්ෂණ
dc.date.accessioned 2022-08-30T05:51:29Z
dc.date.available 2022-08-30T05:51:29Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7962
dc.description.abstract කිරි අම්මාවරුන්ගේ දානය පුරාණයේ සිට ම ඈත ගම්වල පැවත එන චාරිත්‍රයකි. කිරි අම්මාවරුන්ගේ දානය පිළිබඳ විශ්වාසය පත්තිනි දේවිය හා සම්බන්ධ වේ. ග්‍රාමීය සමාජයේ අභිචාර විධි අතර පත්තිනි වන්දනාවට හිමි වනුයේ පුමුඛ ස්ථානයකි. මෙම චාරිත්‍රය සිදු කරන්නෝ තම අභිමතර්ථ සහ අපේක්ෂා සාධනය කරගැනීමට පත්තිනි දේවිය දැඩි ලෙස විශ්වාස කරති. මෙම පත්‍රිකාවේ මුලික පරමාර්ථය වූ කලී උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය ආශ්‍රිත සිදු කෙරෙන කිරි අම්මාරුන්ගේ දානයේ වැදගත්කම විමසා බැලීමය. කාන්තාවකට දරු උපතක් සිදුවීමට පෙරාතුව ද පැපොල හෝ සරම්ප වැනි බෝවන රෝගයක් වැළඳුණ විට ද කුඩා දරුවෙකුගේ අසනීප තත්ත්වයකදී ද ඉක්මනින් නිරෝගී සුවය පතා කිරි අම්මාවරුන් සඳහා බාරයක් වීම පුරාණයේ සිට පැවත ආ සිරිතකි.මෙලෙස ඇති වන රෝග දෙයියන්ගේ ලෙඩ ලෙස හඳුන්වනු ලබයි. එලෙස හඳුන්වනු ලබන්නේ දෙවියන් කෝප වීමෙන් සිදුවන ඵලයක් ලෙස බෝවන රෝග සැලකූ බැවින්ය. මේ ආකාරයට බාරහාර වීමෙන් පසු සුදුසු දිනයක් යොදා ගෙන කිරි අම්මාවරුන්ගේ දානය සිදුකරනු ලබයි. එහිදී ගැමි ජනයා කිරි අම්මාවරුන්ගේ දානය ආරම්භයේ සිට අවසානය දක්වා සිදුකරන ලබන පුද සිරිත් චාරිත්‍ර වාරිත්‍රවල ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේනික ලක්ෂණ හා සමානතා දක්නට ලැබෙයි. උග්ගල් අලුත්නුවර කිරි අම්මාවරුන්ගේ දානය ද වැදගත් වන්නේ එය සිදුකරනු ලබන ආකාරය, චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම එහිදී ගායනා කරනු ලබන ඇතැම් කවි වල සාහිත්‍යයමය වටිනා කම නිසා ය. ඇතැම් කවිවල මෙම ප්‍රදේශයේ නාමය සඳහන්වන අතර ඒවා බොහෝ ප්‍රදේශවල ප්‍රචලිත කවි වීම විශේෂත්වය වී ඇත. මේ එවැනි කවියකි. “කුඹල්මුල්ල බොල්තුඹ දේවාලේ අලුත්නුවර ගලගම දේවාලේ...”එහි “අලුත්නුවර” ලෙස මෙම ගමේ නම සඳහන් වේ. මෙය එම ගමම ද යන්න තවදුරටත් තහවුරු වන්නේ කුඹල්මුල්ල බොල්තුඹේ, ගලගම, කිරිඳිගල, මොරහැළ ආදී ගම්වල නම් සඳහන් වීම නිසාය. මෙම ගම් උග්ගල් අලුත්නුවරට ඉතා ආසන්නයේ පිහිටි ගම්වල නාමයන්ය. මේ නිසා කිරිදානය සම්බන්ධව ‌‌ෙඑතිහාසික වටිනාකමක් මෙම ගමට ඇති බව මේ අනුව පෙනේ. අධ්‍යයනය සඳහා දත්ත සම්පාදනය කර ගැනීමේ දී මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ සම්මුඛ සාකච්ජා හා සාහිත්‍ය මූලාශ්‍රය සඳහා ය. දත්ත හා විශ්ලේෂණ ඉදිරිපත් කිරීමට ලේඛනය පරිහරණය කරන ලදී. මෙම පරියේෂණයේ දී බලංගොඩ උග්ගල් අලුත්නුවර දේවාලය ආශ්‍රිත සිදුකරන කිරි අම්මාවරුන්ගේ දානය පිළිබඳ විශ්ලේෂණයකට භාජනය කරන ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය en_US
dc.subject කිරි අම්මාවරුන්ගේ දානය en_US
dc.subject සිරිත් විරිත් en_US
dc.subject පත්තිනි වන්දනය en_US
dc.subject සංස්කෘතිය en_US
dc.title උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය ආශ්‍රිතව සිදුකෙරෙන කිරි අම්මාවරුන්ගේ දානය පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account