Abstract:
ඉතිහාසකරණයේ දී ආගම සහ රජපෙළපත අතර ඇති සබඳතාව දැක්වීම මුල දාධකය බවට පත් වී තිබේ. කඳවුරු සිරිත දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රම බාහු රජතුමාගේ දින චර්යාව විස්තර වන්නකි. දෙවැනි පැරකුම්බා රජතුමාගේ පියා වූ තෙවැනි විජයබාහු රජතුමා කාලිංග වංශිකයෙකු බව පුජාවලියෙහි දැක්වේ. එහෙත් වංශකතා මේ පුවත සඟවා තබයි. කාලිංග මාඝ සිංහලයටත් බුද්ධ ශාසනයටත් කළ පරිහානිය ලක්දිව ප්රභූන්ගේ මෙන් ම සාමාන්‍ය ජනතාවගේ ද අවඥවට ලක් විය. එහෙත් දෙවන පැරකුම්බා රජතුමා ධාර්මික, බෞද්ධ රජෙකු බවට දැක්වීමට ගත් උත්සාහය කඳවුරු සිරිත නම් වේ. දඹදෙණි කතිකාවතෙහි සූර්යවංශෝද්භූත සංඝබෝධි ශ්‍රී පරාක්‍රමබාහු යි සඳහන් කොට තිබේ. වසර 44 ක් දෙමළ පාලනයට නතු වී තිබීමෙන් මුල් බැස ගත් හින්දු සංස්කෘතික ලක්ෂණ, බ්‍රාහ්මණ ඇදහිලි, දළදා වහන්සේට කළ පුද පූජා, සිංහල දෙමළ හමුදා සේනාංක, සමාජ තනතුරු ආදියෙන් තත්කාලීන දඹදෙණි සමාජ තත්ත්වය පිළිබඳ හෙළි වෙයි. රජතුමා, ලක්දිව ප්‍රභූ සහ සමාන්‍ය ජනත්ව අතර වූ දේශපාලන සහයෝගීතාව පිළිබඳ කරුණු හෙළි කර ගත හැකි ය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ කඳවුරු සිරිත නම් දින කෘතියෙන් හෙළි වන තත්කාලීන සමාජ තත්වය ගැඹුරින් අධ්‍යයනය කිරීම යි. මෙම අධ්‍යයනය සඳහා දත්ත සම්පාදනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සාහිත්‍ය මූලශ්‍රය භාවිත කරන ලදී.