කඳවුරු සිරිතෙන් හෙළි වන තත්කාලීන සමාජය පිළිබඳ විමර්ශනයක්

Show simple item record

dc.contributor.author දසනායක, ජී.ඩී. ඉමේෂා උපේක්ෂි
dc.date.accessioned 2022-08-31T06:31:37Z
dc.date.available 2022-08-31T06:31:37Z
dc.date.issued 2014-03-19
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7997
dc.description.abstract ඉතිහාසකරණයේ දී ආගම සහ රජපෙළපත අතර ඇති සබඳතාව දැක්වීම මුල දාධකය බවට පත් වී තිබේ. කඳවුරු සිරිත දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රම බාහු රජතුමාගේ දින චර්යාව විස්තර වන්නකි. දෙවැනි පැරකුම්බා රජතුමාගේ පියා වූ තෙවැනි විජයබාහු රජතුමා කාලිංග වංශිකයෙකු බව පුජාවලියෙහි දැක්වේ. එහෙත් වංශකතා මේ පුවත සඟවා තබයි. කාලිංග මාඝ සිංහලයටත් බුද්ධ ශාසනයටත් කළ පරිහානිය ලක්දිව ප්‍රභූන්ගේ මෙන් ම සාමාන්‍ය ජනතාවගේ ද අවඥවට ලක් විය. එහෙත් දෙවන පැරකුම්බා රජතුමා ධාර්මික, බෞද්ධ රජෙකු බවට දැක්වීමට ගත් උත්සාහය කඳවුරු සිරිත නම් වේ. දඹදෙණි කතිකාවතෙහි සූර්යවංශෝද්භූත සංඝබෝධි ශ්‍රී පරාක්‍රමබාහු යි සඳහන් කොට තිබේ. වසර 44 ක් දෙමළ පාලනයට නතු වී තිබීමෙන් මුල් බැස ගත් හින්දු සංස්කෘතික ලක්ෂණ, බ්‍රාහ්මණ ඇදහිලි, දළදා වහන්සේට කළ පුද පූජා, සිංහල දෙමළ හමුදා සේනාංක, සමාජ තනතුරු ආදියෙන් තත්කාලීන දඹදෙණි සමාජ තත්ත්වය පිළිබඳ හෙළි වෙයි. රජතුමා, ලක්දිව ප්‍රභූ සහ සමාන්‍ය ජනත්ව අතර වූ දේශපාලන සහයෝගීතාව පිළිබඳ කරුණු හෙළි කර ගත හැකි ය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණ කඳවුරු සිරිත නම් දින කෘතියෙන් හෙළි වන තත්කාලීන සමාජ තත්වය ගැඹුරින් අධ්‍යයනය කිරීම යි. මෙම අධ්‍යයනය සඳහා දත්ත සම්පාදනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් ම සාහිත්‍ය මූලශ්‍රය භාවිත කරන ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject කඳවුරු සිරිත en_US
dc.subject පරාක්‍රමබාහු en_US
dc.subject පැරකුම් en_US
dc.subject දඹදෙණිය en_US
dc.title කඳවුරු සිරිතෙන් හෙළි වන තත්කාලීන සමාජය පිළිබඳ විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account