Abstract:
ඔගස්ට් කොම්ට් ජිවත් වු බටහිර යුරෝපා සමාජයේ විවිධ සිදුවීම් ඔහුගේ බුද්ධි සංවර්ධනය සඳහා බලපාන ලදී. 17, 18 සියවස් තුළ බටහිර යුරෝපයේ සිදු වු විද්‍යාඥාණ ප්රබෝධය, කාර්මික විප්ලවය හා ඒ හා සමගාමීව සිදු වු සමාජ විපරිවර්තනය සමාජවිද්‍යාවේ සම්භවය තීරණය කිරීමට කොම්ටේ බලපෑ අතර බුද්ධි සංවර්ධනය සඳහා හෙන්රී සෙන්ට් සිමෝන්ගේ දායකත්වය ද ඔහුට බලපාන ලදී.කොම්ටේ විසින් සමාජ විද්‍යාව සඳහා Sociologyයන වචනය පළමුවරට ඉදිරිපත් කිරීමට පෙර සෙන්ට් සිමෝන් විසින් සමාජය පිළිබඳ කරන ලද යථානුභූතවාදී අධ්‍යයනය හැඳින්වූයේ සමාජ දේහවිද්යාව ලෙසිනි. කොම්ටේ සමාජ විද්‍යාව නැමති වචනය අලුතින් හඳුන්වා දීමෙන් ඔහු විශ්වාස කළේ එතෙක් පැවති සමාජ ප්‍රශ්න සැබෑ ලෙස අධ්‍යයනය කොට ඒවාට විසදුම් ලබා දීමේ විෂයය තමන් ලෝකයට මූලික වශයෙන් හඳුන්වා දුන් බවය. මෙම පරියේෂණයේ ගැටලුව වන්නේ සමාජ විද්‍යා විෂය ධාරාවේ ආරම්භය හා වර්ධනය උදෙසා සම්භාව්‍ය සමාජ විද්‍යාඥයෙකුවන ඔගස් කොම්ටේගෙන් සිදු වු දායකත්වය කවරේ ද යන්න පිළිබඳ න්‍යායාත්මක ඇගයීමක් සිදු කිරීමය.මෙම අධ්‍යයනය පුස්තකාල අධ්‍යයනය මත පදනම් විය. එහි දි අධ්‍යයන මාතෘකාව හා සම්බන්ධ පොත්, සඟරා හා අනතර්ජාල උපයෝගී කරගනු ලැබු අතර ඒවායෙන් ලබාගත් තොරතුරු සවිස්තරාත්මකව විශ්ලේෂණය කිරීමෙන් පහත අනාවරණ සහ නිගමනයන්ට එළඹීමට හැකි විය. කොම්ටේ සමාජවිද්‍යා විෂය ආරම්භ කොට ඊට අවශ්‍ය සුජාතභාවය ලබා දීමේ දී බොහෝ න්‍යායන්, සංකල්ප හා පද ජීවවිද්‍යාවෙන් ලබා ගෙන ඇත. විද්‍යාත්මක ක්‍රමවේදය සමාජවිද්යාවෙහි අධ්‍යයන ක්‍රමවේදය විය යුතු බවට කරුණු දක්වමින් සමාජවිද්‍යාව සුවිශේෂී අධ්‍යයන විනය ක්‍රමයක් බව පැහැදිලි කිරීමට හේ උත්සහ කළේය. සමාජවිද්‍යාත්මක දැනුම උපයෝගී කොට ගෙන වෙනස් වූ සමාජ පර්යාය නැවත ගොඩනැඟිය හැකි බව පෙන්වා දුන් ඔහු ඒ සඳහා අවශ්‍ය වන්නේ තාර්කීකරණ පදනම් කරගත් අනුභවික සමීක්ෂණ මඟින් ලබා ගන්නා දැනුම මත සමාජය ප්‍රතිසංස්කරණය කිරීම බව ඔහු Positive Philosophy, System of Positive Politics යන කෘතිය තුළින් පෙන්වා දුන්නේය. කිසියම් සමාජ සංසිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක විවරණයක් ගොඩනඟා ගැනීමට යාමේ දී මුලික වශයෙන් නිරීක්ෂණය, පරීක්ෂණය, සන්සන්දනය හා ෙඑතිහාසික විශ්ලේෂණය යන විධික්රම මත පදනම් විය යුතු බව කොම්ටේ අවධාරණය කරයි. සමාජවිද්‍යාවේ අධ්‍යයන ක්ෂේත්රයන් ප්‍රධාන අංශ 02 කට එනම් සමාජ ස්ථිතිකයන් සහ සමාජ ගතිකයන් ලෙස කොම්ටේ වෙන්කර දැක්වීය. කොමටේ විසින් ඉදිරිපත් කළ මූලික සංකල්ප 03කි. එනම් අවධි තුන පිළිබඳ නීතිය, විද්‍යා වර්ගීකරණය හා ආගම පිළිබඳ අදහස් වශයෙනි. සමාජවිද්‍යාවේ නියමුවා ලෙස කොම්ටේගේ විග්රහ පසු කාලයේ දී සම්භාව්‍ය සමාජ විද්‍යාඥයින්ගේ චින්තනය සකස් කිරීමට බලපෑව ද ඔහුගේ සමාජවිද්‍යා චින්තනය පිළිබඳ විවිධ විවේචන ඔහු ජිවත් වු කාලය තුළදී ද මියගිය පසුව ද එල්ල වී ඇත. ඔහුගේ න්‍යයාත්මක ඉගැන්වීම් හා සංකල්පවල දුර්වලතා පවතින නමුදු ඒවායේ යම් වලංගුතාවයක් අදටද හඳුනාගත හැකිය. කෙසේවෙතත් සමස්ත අධ්‍යයනයෙන් බැසගත හැකි නිගමනය වූයේ, සමාජවිද්‍යාවේ ආරම්භකයා වශයෙන් ඔගස්ට් කොම්ටේ සමාජවිද්‍යා විෂය ආරම්භයට සහ වර්ධනයට සුවිශේෂ දායකත්වයක් ඉටු කර ඇති බවය.