Abstract:
මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ලාංකාතිලක රජමහා විහාරය පන්හල්ගල යනුවෙන් පුරාණයේ හඳුන්වන ලද පර්වතය මත පිහිටි ෙඑතිහාසික පුදබිමකි. ගම්පොළ යුගයේ ප්‍රථම රජු වන 4 වන බුවනෙකබාහු රජුගේ ඉල්ලීමකට අනුව රජුගේ අගමැති වු සේනාලංකාධිකාරීතුමන් විසින් ඉදිකරන ලද්දකි. ස්ථාපතිරායර් නැමති ශිල්පීයාගේ නිර්මාණයක්වන මෙම ලංකාතිලක විහාරයේ නම, සේනාලංකාරීතුමන් විසින් තම නමේ කොටසක් නව ලංකා යන්නට තිලක යන කොටස එකතු කරමින් ලංකාවටම තිලකයක්වන විහාරය යන අරුතින් ලංකා තිලක යනුවෙන් නම් කරන්නට ඇතැයි සිතිය හැකිය. විහාරයේ සැළැස්ම පිළිබඳ විමසන කළ පිහිටි ගල් තලාවේ ඔපමට්ටම් කොට විශාල ප්‍රමාණයේ කළුගලින් අත්තිවාරම් සකස්කොට ඒ මත කළු ගල් හා ගඬෝල් උපයෝගී කොටගෙන මෙම සුවිසල් ගොඩනැඟිල්ල ඉදිකර ඇති බව ශිලාලේඛනයේ සඳහන් වේ. ලංකාවේ ජාතික උරුමයක් වන ලංකාතිලක විහාරය පොළොන්නරුවේ පැවති ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමය ආශ්‍රීත හින්දු අභ්‍යාස ද මුසු කරගනිමින් දේශීය සම්ප්රදාය ද සිතෙහි තබාගෙන සැලසුම් කරන ලද්දකැයි කිව හැකිය. ලංකාතිලක විහාරය ඈත සිට බලන්නකුට තුන් මහල් අයුරින් නිර්මාණය වී ඇතැයි පෙනී ගිය ද දැනට අපට දැකගත හැක්කේ පහතමාලය හා උඩුමාලය පමණි.පර්වත සෙල්ලිපියට අනුව මෙය ආරම්භයේ මහල් සතරකින් යුක්තව පැවත ඇති අතර මෙම මහල් හතරෙහි තැන්පත් කරන ලද පූජනීය වස්තු පිළිබඳ ශීලා ලේඛනයේ සඳහන් වන බව මෙම පර්යේෂණයේ දී සොයාගත හැකිවිය. ඒ අනුව මෙහි පවත්නා ෙඑතිහාසිකත්වය පිළිබඳ ජන විශ්වාසයන් මඟින් සෙල්ලිපිවල සඳහන් ෙඑතිහාසික කාරණා මඟින් සනාථ කිරීම මෙම පර්යේෂණයේ දී සිදුකෙරේ. ෙඑතිහාසික ලංකාතිලක රජමහා විහාරයේ බිතුසිතුවම් ද සුවිශේෂිවන අතර බිත්තියේ ඉහළින් ම මල් මෝස්තරයක් දැකිය හැකි අතර එයට පසුව සූවිසි විවරණය, බෝසත් රූප පෙළක් දැකිය හැකිය. එමෙන්ම මෙහි පිරිනිවන් මංචකය ද සිරිපා සටහන ද සුවිශේෂි නිර්මාණ වේ. විශේෂයෙන් ම පුරාවිද්‍යා මූලාශ්‍රයක් ලෙස ලංකාතිලක පර්වත ශිලාලේඛනයට අනුව මෙන් ම සාහිත්‍ය මූලාශ්‍ර හා ජනප්‍රවාදයන් මුල්කොට ගෙන ලංකාතිලක රජමහා විහාරයේ පවතින්නා වු ෙඑතිහාසික වැදගත්කම හා විහාර චිත්රවල පවතින්නා වූ සුවිශේෂිතාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම අධ්‍යයනයේ දී සිදු කෙරිණි.