Abstract:
ශ්‍රි ලංකාවේ 1978 මහවැලි ව්‍යාපාර පනත සම්මතවීමත් සමඟ මහවැලි සී කලාපයේ වනරක්ෂිත ගොවිජනපද බවට පත් විය. රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ ඉදි කිරීමත් සමඟ එහි පදිංචිකරුවන් මහවැලි ජනපද තුළ පදිංචි කරන ලදි. එවැනි ගම්මානයක් වන කජුවත්ත ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් අලිමිනිස් ගැටුම බලපා ඇති අයුරු කෙබදුද? යන පර්යේෂණ ගැටලුව යොදාගනිමින් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ මෙම අධ්‍යයනය කරන ලදි. මෙහිදී කජුවත්ත ග්‍රාමයේ පවුල් 20ක් තෝරාගෙන සම්මුඛ සාකච්ඡා මඟින් දත්ත ලබාගැනිණි. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ අලිමිනිස් ගැටුමෙන් ගොවිජනතාවට හා වන අලින්ට වන බලපෑම හඳුනාගැනීමයි. මෙම ග්‍රාමයේ මිනිසුන්ගේ ජිවනෝපාය වූයේ අක්කර හතහමාරක ගොඩඉඩම් වගා කිරීමයි. වැහි ජලයෙන් මාස් කන්නයේ පමණක් ගොවිතැන් කිරීමට මිනිසුන් පුරුදු වී සිටි අතර අවුරුද්දටම සරිලන ලෙස වගා සරුකර ගැනීමට එහිදී සිදු විය. වන රක්ෂිත එළිවීමෙන් වනඅලින්ගේ නිජබිම්ද කුඩා විය. මේ හේතුවෙන් වනඅලින්ට ආහාර හිඟවීමත් සමඟ මිනිසුන්ගේ වගා භූමි වෙත ඇදෙන්නට විය. වසරකට එක් වරක් අලිමිනිස් ගැටුම හේතුවෙන් එකටඑක අනුපාතයෙන් අලි හා මිනිසුන් මිය යන අතර නිවාස කිහිපයකටද හානි සිදුවේ. මිනිසුන් වනඅලි කරදර පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුවට දැනුවත් කළද ඉන් නිසි වැඩපිළිවෙළක් සැකසුණු බවක් තවමත් පෙනෙන්නට නොමැත. රජය අලිවැට ඉදිකිරීම, අලිවෙඩි ලබාදීම, මිනිසුන් දැනුවත් කිරීම කළද එහි ක්රමානුකූල බවක් දක්නට නොමැත. වල්අලි උවදුරෙන් තම නිවාස, වගාවන් හා දරුවන්ගේ ජීවිත රැක ගැනීමට මිනිසුන් පෞද්ගලිකව අලිවැටක් සවි කරගෙන ඇත. අක්කර හතහමාරක භූමි ප්‍රමාණයක විදුලි වැටක් සවි කිරීමට ලක්ෂ පහක පමණ වියදමක් එක් පුද්ගලයකුට දැරීමට සිදුවේ. මෙම ගම්මානයට විදුලිය ලබාදී නොමැති වීමෙන් සූර්යතාපයෙන් විදුලිවැට නඩත්තු කිරීමට සිදු වේ. එනමුත් මාස්කන්නය වැහි කාලය වන බැවින් සුර්යතාපයෙන් විදුලිවැට නඩත්තු කිරීමද අපහසු කටයුත්තකි. වනඅලින් විදුලිවැට මතට කොට කැබලි දමා විදුලිවැට පහත් කර වගා වෙත පිවිසීමෙන් මිනිසුන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත. මෙවැනි හේතු මත අද වන විට තරුණ ප්රජාවද ගොවිතැනින් ඈත්වෙමින් සිටින අතර අක්කර ගණනක ගොවි බිම්ද නිසරු වෙමින් පවති. මේ ගැටලු සඳහා රජය නිසි ක්‍රමවේද යටතේ විකල්ප භෝග වගා, සත්ත්ව පාලනය, ස්වයං රැකියා වැනි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා සහනදායී වැඩපිළිවළවල් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.