Abstract:
සෞඛ්‍ය බහුත්වවාදය සෞඛ්‍ය සංරක්ෂණය තුළ වැදගත් තැනක් ගෙන තිබෙන සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අතර බිහිවූ විද්‍යාත්මක දියුණුවත් සමඟ බටහිර වෛද්‍ය ක්‍රමය ප්රමුඛ වෛද්‍ය ක්‍රමයක් බවට පත් වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවික සංසිද්ධීන්වලට පවා වෛද්‍යමය මැදිහත්වීම් කරන ආකාරය හඳුනාගත හැකිය. මෙය වෛද්‍යකරණයට ලක්වීම ලෙස හඳුන්වනු ලබයි. මෙලෙස වෛද්යකරණයවීම මඟින් ඇති කර තිබෙන බලපෑම පුද්ගල කණ්ඩායම්වල සමාජ හා ආර්ථික තත්ත්වය මත වෙනස් වන බව පෙන්වා දිය හැකිය. වෛද්‍යකරණයට ලක්වූ ප්‍රධාන ක්ෂේත්රයක් ලෙස ගර්භනිභාවය පෙන්වා දිය හැකිය. මේ පසුබිම යටතේ අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ගර්භනිභාවය වෛද්‍යකරණයට ලක්වීම හරහා අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට සිදු වන ආර්ථික හා සමාජ බලපෑම හඳුනාගැනීමය. මෙම අධ්‍යයනය සඳහා දකුණු පළාතට අයත් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තෝරා ගෙන සසම්භාවි නොවන අරමුණු කොටගත් නියැදි ක්‍රමය යටතේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන දමිළ සහ සිංහල මව්වරුන් විසිදෙනකුගෙන් සම්මුඛ සාකච්ඡා හරහා දත්ත රැස්කර ගනු ලැබීය. එහිදි දේශපාලන ආර්ථික න්‍යාය පදනම් කරගෙන මෙම ප්‍රපංච අර්ථකථනය කළ අතර රැස් කරගන්නා ලද ගුණාත්මක දත්ත තේමාකරණය භාවිත කරමින් විස්තරාත්මකව විශ්ලේෂණය කරනු ලැබීය. එහිදී සොයාගත හැකි වූයේ ලංකාවේ අඩු ආදායම්ලාභි පවුල්වල ගර්භණි මව්වරුන්ට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා දුන්නද ඇතැම් වෛද්‍ය පහසුකම් පෞද්ගලික මධ්‍යස්ථානවලින් ලබා ගැනිමට සිදු වීම, ඒ නිසාම මුදල් ප්‍රමාණවත් නොවීම මත ඒ සඳහා විවිධ පුද්ගලයන්ගෙන් ණය මුදල් ලබා ගැනීමෙන් නිරන්තර ණයගැතිභාවයට පත්වීම, මෙවැනි අඩු ආදායම් සහිත පවුල්වල ස්වාමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවිමෙන් ගර්භණි මව්වරුන් ගෘහස්ත හිංසනයට ලක්වීම, වර්තමානයේදී ඖෂධ අධිකාරය දරන බහු ජාතික සමාගම්වල මැදිහත්වීම මත කිරිපිටි මාතෘ හා ළදරු ආහාර ඉහළ මිල ගණන්වලින් යුතුවීමෙන් අඩු ආදායම් සහිත පවුල්වල මව්වරුන්ට ඇතැම් ඖෂධ ලබාගැනීමට නොහැකි වී ඇති අතරම මේ තත්ත්වය බහුලව හඳුනාගත හැක්කේ සිංහල ජාතික මව්වරුන්ට වඩා දෙමළ ජාතික මව්වරුන් අතරය. මේ නිසාම අඩු ආදායම්ලාභි පවුල්වල වියදමට සරිලන රැකියාවක් සහ ආදායමක් නොමැති වීමෙන් ඔවුන් වෛද්‍ය පහසුකම් ලබාගැනිමේදී විවිධ ගැටලුවලට ලක්වී ඇති අතරම ඒ නිසාම සමාජීය ගැටලු නිර්මාණය වී ඇතිබව නිගමනය කළ හැකිය.