Abstract:
කොරෝනා වසංගතය සඳහා එන්නත්කරණය වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනුමත කර ඇති එකම ප්‍රධාන ධාරාවේ වෛද්‍ය ප්‍රතිකාරය වන්නේ එන්නත්කරණයයි. මෙම අධ්‍යයනය හරහා එන්නත්කරණය ලබාගැනීම සහ ලබානොගැනීම සම්බන්ධ ප්‍රතිකාර අපේක්ෂිත චර්යාව අධ්‍යයනයට ලක්කර ඇත. කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එන්නත් ලබාගැනීම හෝ ලබානොගැනීම සඳහා බලපවත්වන සාධක මොනවාද? යන පර්යේෂණ ගැටලුව පාදක කරගනිමින් කරන ලද මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂණ අරමුණ එන්නත්කරණය සඳහා යොමුවීම හෝ යොමුනොවීම සඳහා බලපවත්වන සාධක සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමයි. ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත ද්විත්වයම මෙහිදී අධ්‍යයනය කරන ලද අතර, නියැඳිය වශයෙන් අරමුණු සහගතව තෝරාගන්නා ලද 50දෙනෙකු සහභාගි කරවාගන්නා ලදි. ස්ත්‍රී සහ පුරුෂ අනුපාතය 50:50 වන වශයෙන් 25 දෙනා බැගින් තෝරාගන්නා ලදි. නියැඳිය වෙත අන්තර්ජාලය හරහා යොමු කරවන ලද ප්‍රශ්නාවලියක් ආශ්රයෙන් මූලික දත්ත එක්රැස් කරන ලදි. එහිදී ජනමාධ්‍ය ඔස්සේ එන්නත් සම්බන්ධව ගොඩනගන ලද අවධානම් ආකල්පය මූලික වේ. එන්නත්කරණයේදී පෞද්ගලික ජෛවදත්ත ලබාගත හැකි චිප් උපාංගයක් ශරීරයට ඇතුළත් කරන බව, එන්නත් හරහා වන්ධ්‍යාකරණයට ලක්වන බව, එන්නත් දෙකම ලබාගත් ඉන්දීය වෛද්‍යවරුන් මියයාම සහ ඇමරිකාව තුළ වාර්තා වූ මනුෂ්‍ය දිව ප්රදාහනයවීමේ රෝගී තත්ත්වය එන්නත්කරණයේ අතුරු ප්‍රතිඵල වශයෙන් සමාජගතවීම වැනි සාධක නියැඳිය හා සම්බන්ධ 28 දෙනෙක් (56%) එන්නත්කරණය ප්‍රතික්ෂේප කිරීමට බලපවත්වන සාධක වශයෙන් දක්වන ලදි. එමෙන්ම නියැඳියෙහි කාන්තාවන් 25දෙනාගෙන් 11 දෙනෙකුම දරුඵල අහිමිවීම යන සාධකය මත එන්නත්කරණය ප්‍රතික්ෂේප කරනු ලබයි. එන්නත්කරණය හා සම්බන්ධවීමට ප්රතිචරිකයන් 22ක් (44%) කැමැත්තක් දක්වන බව අධ්‍යයනයේදී පැහැදිලි විය. ඔවුන් විසින් ඒ සඳහා මතු කරන ලද ප්‍රධානතම සාධක අතර එන්නත්කරණය දැනට හඳුනාගත හැකි එකම නිශ්චිත ප්‍රතිකාරය වීම, පසුගිය කාලවකවානුව මුළුල්ලේ ගොඩනැගුණු විකල්ප ප්‍රතිකාර සියල්ලම අසාර්ථක වීම, වාර්තාවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළයාම සමඟ අවධානම අවම කරගැනීම යන සාධක ඉන් ප්රමුඛ වේ. එන්නත්කරණය සම්බන්ධ පිළිගත් වෛද්‍යවිද්‍යාත්මක මතය සමාජගත කිරීමේදී පුද්ගල ආකල්ප ධනාත්මක ආස්ථානයකට ගෙන ඒමට සෞඛ්‍ය බලධාරීන්ට සහ මාධ්‍යයට වගකීමක් පවතී. පුද්ගල ප්‍රතිකාර අපේක්ෂිත චර්යාව හුදෙක් වෛද්‍යවිද්‍යාත්මක සාධකයක් ලෙස ක්‍රියාත්මක නොවීම එයට ප්‍රධානතම සාධකය වේ. සමාජීය වශයෙන් ගොඩනැගෙන ආකල්ප මත මනෝමය විශ්වාසය ගොඩනැගෙන අතර එන්නත්කරණය හා සම්බන්ධව කැමැත්ත හෝ අකමැත්ත පැනනැගී ඇත්තේ ඒ ඔස්සේ බව අධ්‍යයනයෙන් අනාවරණය වේ.