සබරගමු මහ සමන් දේවාලයේ පෘතුගීසි යුගයට අයත් නිර්මාණ ආශ්‍රිත උරුම කළමනාකරණ ගැටලු පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author වීරසිංහ, යූ.ඩබ්ලිව්.ජී. ම්.
dc.contributor.author රාජණායක, ජේ.ටී.එස්.
dc.date.accessioned 2023-11-15T04:29:48Z
dc.date.available 2023-11-15T04:29:48Z
dc.date.issued 2021-11-19
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15473
dc.description.abstract සබරගමු පළාතේ පිහිටා තිබෙන සපරගමු මහ සමන් දේවාලය දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව ඇමති විසින් ඉදිකරනු ලැබ ඇත. විවිධ කාල වකවානුවල රාජ්‍ය අනුග්‍රහය ලබා ඇති මෙය සීතාවක රාජධානි සමයේ පෘතුගීසීන් අත්පත් කරගෙන ඇති අතර ඔවුහු මෙම දේවාල භූමිය බලකොටුවක් බවට පත් කළහ. පසු කාලීනව දෙවන රාජසිංහ රජු දවස නැවතත් දේවාලයක් බවට පරිවර්තනය කරන ලදි. මෙම පරිවර්තන ක්‍රියාදාමයේදී පෘතුගීසි අවශේෂ කිහිපයක් ඉතිරි විය. මෙම අධ්‍යයනයේදී දේවාලයෙහි ඉතිරි වූ විදේශීය මූලාශ්‍රය වන පෘතුගීසි නිර්මාණ කෙරෙහි උරුම කළමනාකරණය කෙතරම් දුරට දායකත්වය සපයා දී තිබේද යන්න විමසීම සිදු කරයි. මෙහිදී දත්ත රැස් කිරීම සඳහා ද්විතීයික මූලාශ්‍රය වන පොත් හා අන්තර්ජාලය හා ක්ෂේත්‍ර අධ්‍යයන භාවිත කරන ලදි. වර්තමාන දේවාල සංකීර්ණය පෘතුගීසි බලකොටුව විනාශකර ඉදිකෙරිණි. මෙම නව දෙවොල ඉදිකරන විට මෙහි ඉතිරිව ඇති පෘතුගීසි අවශේෂ කිහිපයකි. එනම් දෙවොලෙහි බිත්තියක ඇති ගල්කැටයමද කෞතුකාගාරයෙහි ඇති පෘතුගීසි ලාංඡනයද ළි‌‌ඳෙහි ඇති ආරුක්කු නිර්මාණයද මේ අතර වේ. මෙම ගල් කැටයමෙහි සීමෙන් පිංඤො නැමති පෘතුගීසි පාලකයා සිංහල රණවිරුවෙකු යටත් කරන බව හෙළි වේ. මෙහි පෘතුගීසි අක්ෂර කිහිපයක්ද සඳහන්ව ඇත. අඩි දෙකක් පමණ දිග අඩි දෙක හමාරක් පමණ පළල සමන් දේවාල කෞතුකාගරයෙහි ඇති පෘතුගීසි ලාංඡනයද මෙලෙස ඉතිරි වූ අවශේෂයකි. මෙය සරල මෝස්තරවලින් යුතු වන අතර කොටස් දෙකකට බෙදා ලාංඡනය සටහන් කර ඇත. මෙහි ඇති පෘතුගීසි අවශේෂයක් ලෙස ළිදේ ආරුක්කු බැම්මද නම් කළ හැක. වර්තමානය තුළ මෙම පුරාවිද්‍යාත්මක අවශේෂ පිළිබදව සමාජයට ඇත්තේ ඉතා අල්ප දැනුමකි. පෘතුගීසි ලාංඡනය දෙවොලෙහි තිබෙන්නාවූ කෞතුකාගරයෙහි ඇති බැවින් එය ආරක්ෂා වී ඇති අතර ඒ පිළිබඳ අවබෝධයක් ජනතාවට ලැබිය හැකි වුවද අනෙකුත් නිර්මාණ පිළිබඳ විස්තර ලබා ගැනීමට ඇති අවස්ථාව සීමිතය. උරුම කළමනාකරණය තුළින් පුරාවස්තු හඳුනා ගැනීම, ආරක්ෂා කිරීම හා අනාගත සම්ප්‍රේෂණය කිරීම වැදගත් කාරණාවකි. නමුත් මෙම පෘතුගීසී උරුමය ගැන දැනුම අනාගතයට සම්ප්‍රේෂණය කිරීම අතින් දුර්වලය. අතීතය නැවත කියවීම සඳහා වටිනා සාධකවන මෙම පුරාවස්තු සතු දැනුම අනාගතයට රැගෙන යාම සඳහා සිදු කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමක් මෙම අධ්‍යයනය මගින් කරනු ලබයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject උරුම කළමනාකරණය en_US
dc.subject පුරාවස්තූන්ගේ අගය en_US
dc.subject පෘතුගීසි නිර්මාණ en_US
dc.subject විස්තරාත්මක පුවරු en_US
dc.subject සමන් දේවාලය en_US
dc.title සබරගමු මහ සමන් දේවාලයේ පෘතුගීසි යුගයට අයත් නිර්මාණ ආශ්‍රිත උරුම කළමනාකරණ ගැටලු පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account