Abstract:
ඉතිහාස විෂයය විෂය රාශියක ගෘහයක් ලෙස හඳුනාගෙන ඇත. නූතන ලෝකය ඉතිහාසය ගවේෂණය කිරීම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නව්‍යතාවයෙන් යුතුව පුළුල් ලෙස කරයි. එසේම නවීන තාක්ෂණය හා ගෝලීයකරණය සමඟ ලෝකය තුළ නවීන සංකල්ප හා න්‍යාය බිහිවන නමුත් එම ක්ෂේත්රවල ඓතිහාසික ශික්ෂණ ඇසුරින් වර්තමානය වෙත න්‍යායාත්මක දැනුම විස්ථාපනය කරගැනීම දුර්ලභ වේ. ඉතිහාස විෂය තුළ ලොව නවප්රවණතා ලෙස ආකල්ප ඉතිහාසය ගවේෂණය කිරීම ඇනාල් ගුරුකුලය වැනි යුරෝපා ඉතිහාසඥයෝ සිදු කරති. මානවයා තුළ වූ මනෝභාවයන්ගෙන් ආකල්ප නිර්මාණය වන අතර ඒවා බොහෝ ක්ෂේත්‍ර වෙත බලපෑම් එල්ල කරයි. එනිසාවෙන් ඓතිහාසික මානව අත්දැකීම් ඇසුරෙන් ගුණාත්මක ආකල්ප සංවර්ධනය සඳහා ලැබෙන දායකත්වය කෙබදුද? යන්න මෙහිදී පර්යේෂණයට බදුන් කර ඇත. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය මූලික කරගනිමින් පුස්තකාල සමීක්ෂණ ලෙස ප්‍රාථමික හා ද්විතීයික සාහිත්‍ය මූලාශ්‍රය ඇසුරෙන් මෙම විමර්ශනය කරන ලදි. ලංකා ආකල්ප ඉතිහාසයේ සුවිශේෂී ආකල්පයක් ලෙස මනුෂ්‍යත්වයට ගරු කිරීම මඟින් ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇත. රජවරුන්ගේ පටන් සමාජයේ පහළ ස්ථරායනය දක්වා මනුෂ්‍යත්වයට ගරු කිරීමේ ආකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ආමණ්ඩගාමණී අභය රජු “ජන ශ්‍රෙෂ්ඨ තෙමේ ලක්දිව මුළුල්ලෙහි මාඝාතය හෝ සතුන් නොමරව යැයි ව්‍යවස්ථා කරවිය.” යනුවෙන් සියලු සත්වයින් මරණයෙන් නිදහස් කරමින් කළ මාඝාත ආඥාව පැනවීම සුවිශේෂී තත්ත්වයකි. මීට අමතරව රජවරුන්ගේ නීති ක්‍රියාමාර්ගවලදී සූක්ෂම උපක්‍රම මඟින් වධහිංසාවලින් නිදහස් කිරීම, වෛද්‍ය හා ආරෝග්‍යශාලා පහසුකම් ස්ථාවර කිරීම, දරුවන්ගේ ජීවිත සුරක්ෂා කිරීම ආදී ක්‍රියාකලාප තුළින් මනුෂ්යත්යට ගරුකරමින් ආකල්ප හැසිරවීම කළ අයුරු පෙනී යයි. ඉවසීම පිළිබඳ ආකල්පීය තත්ත්වය ඉතිහාසය ඇසුරෙන් විමර්ශනයේදී උචිත අවස්ථාව ලැබෙන තෙක් ඉවසීම, අභියෝග ඉවසීමෙන් යුතුව දරාගැනීම, කුලභේද පීඩා හමුවේ ඉවසීම, විජාතීය බලවේග හමුවේ ඉවසීම දැකිය හැකිවේ. “මපිය තෙමේ පිරිමි වෙමින් මෙසේ නොකියන්නේ විය“ යනුවෙන් යුද්ධයට සුදුසු පරිසරය සකස් කිරීම හා දුටුගැමුණු කුමරු කාවන්තිස්ස රජුගේ පෞරුෂයට පවා අපහාස කරමින් හැසිරීම, ඉවසීම ප්‍රගුණ කරමින් දරා ගැනීම ප්රතීයමාන වේ. මෙහිදී ස්වයං හික්මීමෙන් ගුණාත්මක ආකල්ප පවත්වා ගැනීමත් එසේ නොවන අවස්ථාවල ආකල්ප සංවර්ධනය උදෙසා ක්‍රමවත් ක්‍රියාමාර්ග ගැනීමත් කළ බව මෙන්ම නූතන මානව හිමිකම් ප්රඥප්ති හා නෛතික ව්‍යවස්ථා බිහිවීමට අතීත මානව අකල්පය කෙරෙන් වූ හැසිරීම්ද ඒවායේ විකාසනයද ඉවහල් වූ බව හඳුනාගත හැකිය. එනිසා මනෝභාවයන්ගේ යහවාදිත්වය අතීතය හා වර්තමානය අතර සර්වකාලීන සම්බන්ධතාවක් පවතින සාධක පැහැදිලි වේ. ඒ අනුව නූතන මනෝභාව සංවර්ධනයට අවශ්‍ය මූලික පදනම ඉතිහාසය තුළ අන්තර්ගත වන බවද පැහැදිලිය.