Abstract:
සමාජයීය වශයෙන් සංවර්ධනය මඟින් රාජ්‍යයක් රටක් වශයෙන් ලෝකයේ සංවර්ධිත මිනුම් අභිබවා ගමන් කිරීමට හැකි වේ. එයට පුද්ගලයා තුළ පවතින ධනාත්මක ආකල්ප චින්තනය අත්‍යවශ්‍ය වේ. චින්තනයේ පවතින ධනාත්මක හා ඍණාත්මකභාවය පුද්ගලයකුගේ ජීවවිද්‍යාත්මක ක්‍රියාකාරීත්වයට පවා බොහෝවිට බලපෑම් එල්ල කරයි. චින්තන ධාරාව මඟින් යමකු ශක්තිමත් මෙන්ම සාර්ථක පුද්ගලයෙකු කිරීමේ හැකියාව මෙන්ම සාර්ථක නිරෝගිමත් පුද්ගලයෙක් පරාජිත වූවකු බවට පත්කිරීමේ හැකියාවක් පවතී. මෙය සර්වකාලීන පොදු තත්ත්වයක් වන අතර ලාංකේය ඉතිහාස ශික්ෂණය තුළද මෙය බොහෝ සේ අන්තර්ගතය. එනිසාවෙන් ධනාත්මක ආකල්ප සඳහා වර්තමාන සමාජ ප්‍රජාව අතීත මානව අත්දැකීම් යොදාගන්නේ කෙසේද? යන්න මෙහිදී විමර්ශනය කර ඇත. මෙහිදී ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේදය මඟින් පුස්තකාලය සමීක්ෂණය කරන ලදි. එහිදී ප්‍රාථමික මූලාශ්‍රය වශයෙන් මහාවංශයද ද්විතීයික මූලාශ්‍රය ලෙස පොත්පත්, සඟරා,. පර්යේෂණ ලිපි හා ජනශ්රැති මඟින් තොරතුරු ලබාගැනීමට හැකිවිය. අද්‍යතන සමාජයට අතිශයින්ම බලපාන සංකල්පයක් වන ධනාත්මක චින්තනය ඇතිකිරීම සඳහා ඉතිහාස ශික්ෂණයෙන් දැනුමක් ලබා දෙන්නේ කෙසේද යන්න හඳුනාගැනීමත් සමාජයේ වශයෙන් ආකල්ප සංවර්ධනයත් සඳහා ඉතිහාස ශික්ෂණය ඇති දැනුම සමාජගත කිරීම මෙහි ප්‍රධාන අරමුණු වන අතර ඉතිහාසය පුරාවට පවතින සාක්ෂි මඟින් මිනිසුන්ගේ ඍණාත්මක ආකල්ප ඉවත් කොට ධනාත්මක ආකල්ප වර්ධනයේදී කළමනාකරණය, වෘත්තීමය නිපුණත්වය, පරිපාලනය, සමබර ජීවිතය කෙරෙහි මනස පිරිසිදුවීම, ප්‍රශ්න කෙරෙහි විසඳුම් තේරීම, නිවැරදි තීරණගැනීම ආදි තත්ත්ව නිරවුල් කරගැනීම උදෙසා නව ප්‍රවේශ ඇතිකර ගැනීමට මෙම පර්යේෂණය වැදගත් වේ. එහිදී යුද්ධ කටයුතුවලදී, සංවර්ධන කටයුතුවලදී, දේශපාලන අභියෝග හමුවේ, විදේශීය බලපෑම් හමුවේ, ස්වදේශීය අභියෝග හමුවේ, ධනාත්මක චින්තනය ඇසුරින් කටයුතු කළ ආකාරය පැහැදිලි වේ. දුටුගැමුණු රාජ්‍ය කාලය, වලගම්බා රාජ්‍ය කාලය තුළ මෙම ආකල්පය ඉතා පුළුල් ලෙස ඉතිහාසය ශික්ෂණය පවතින බවද හඳුනාගත හැකිය. ඍණාත්මක මිනිසෙකු බිහිකිරීමට අවශ්‍ය පදනම නිර්මාණය උදෙසා ඉතිහාස විෂයයෙන් ලැබෙන දැනුම මඟින් සමාජගත කිරීමට හැකියාවක් පවතින බව හඳුනාගත හැකි අතර එමගින් ධනාත්මක ආකල්ප ඇතිකර ගැනීම පුද්ගලයකු වෙත පෞද්ගලික ජීවිතයේ මෙන්ම වෘත්තීයමය ජීවිතය පවා ගොඩ නැගීමට ලංකා ඉතිහාසයද ඉවහල් වේ.