Abstract:
ඓතිහාසික තොරතුරු අනාවරණය කෙරෙන වැදගත් මූලාශ්‍රයක් ලෙස ශිලාලේඛනවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ශිලාලේඛනයේ ආරම්භය ක්‍රි. පූ. 3වන සියවසයේදී ඇති වූ බවත් එතැන් සිට මහනුවර අවධිය දක්වා ශිලාලේඛන ව්‍යාප්තිය සිදු වී ඇති බවත් හඳුනාගත හැකි ය. විද්වතුන්ගේ අවධානය විවිධ ස්ථානවල ස්ථාපිත ශිලාලේඛන කෙරෙහි යොමු වුවද මිණිපේ පුවරුලිපිය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයන සිදුව ඇත්තේ අල්ප වශයෙනි. එහෙයින් මෙම පර්යේෂණය මිණිපේ පුවරුලිපිය මූලික කරගනිමින් සිදු කෙරිණ. මධ්‍යතන අවධියේ රචිත මිණිපේ පුවරුලිපියේ කර්තෘ සම්බන්ධයෙන් නිශ්චිතව සඳහන් නොවීම හා ඒ පිළිබඳ මූලාශ්රයගත තොරතුරු මතවාදාත්මක බැවින් එහි කර්තෘ නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමේ අරමුණින් මෙම අධ්‍යයනය කරන ලදි. ඒ අනුව මිණිපේ පුවරුලිපියේ කර්තෘ සම්බන්ධයෙන් පළවී ඇති මතවාද මොනවාද? හා මිණිපේ පුවරුලිපියේ අන්තර්ගතය ඔස්සේ කර්තෘ පිළිබඳ අනාවරණය කරගත හැක්කේ කෙසේද? යන ගැටලු පාදක කර ගනිමින් පර්යේෂණ අරමුණ සඵල කර ගැනීම උදෙසා දත්ත විශ්ලේෂණය කර නිගමනවලට එළඹෙන ලදි. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ මෙම පර්යේෂණය කරන ලද අතර, පුවරුලිපිය ස්ථාපිත ස්ථානයට ගොස් ක්ෂේත්‍ර අධ්‍යයනයක් කිරීමෙන් හා මහනුවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාමාණික දැනුමක් සහිත නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් ප්‍රාථමික මූලාශ්‍රය දත්ත රැස්කර ගන්නා ලදි. පුස්තකාලය හා අන්තර්ජාල සමීක්ෂණය ඇසුරෙන් ද්විතීයික මූලාශ්‍රය දත්ත රැස්කර ගන්නා ලද අතර, එහිදී ග්රන්ථ, සඟරා හා ලිපි රැස්කරගන්නා ලද මූලාශ්රයගත දත්ත හා ශිලාලේඛනයෙහි අන්තර්ගත තොරතුරු සන්සන්දනාත්මකව හා තර්කානුකූලව අධ්‍යයනය කරමින් දත්ත විශ්ලේෂණයට යොමු විය. මෙහිදී මිණිපේ පුවරුලිපියෙහි කර්තෘ පිළිබඳ ඉදිරිපත් වී ඇති මතවාද පර්යේෂණ ප්‍රතිඵල පර්යේෂණ සාරසංක්ෂේපයක් හා ප්‍රස්තුතීකරණ ඉදිරිපත් කිරීමකින් ඉදිරිපත් කෙරේ. මෙහිදී මිණිපේ පුවරුලිපියේ අන්තර්ගත තොරතුරු හා සමකාලීන ඓතිහාසික පුවත් තර්කානුකූලව විමසා බලන කල්හි එහි කර්තෘ භාම නම් සෙනවියකු බව අනාවරණය කරගත හැකි විය.