Abstract:
පුරාණ මායා රටට අයත් වූ ප්‍රදේශයක් ලෙස හැඳින්වෙන කෑගල්ල දිස්ත්‍රික්කය සතර කෝරළය තුන් කෝරළය හා පාත බුලත්ගම යන කොටස්වලින් සමන්විතය. ප්රාග් ඓතිහාසික යුගයේ සිට වැදගත්කමකින් යුතු සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍ය ශිලායුගයේ සිට අනුරාධපුර යුගය (වළගම්බා රාජ්‍ය) දක්වා ජනාවාසකරණය සිදු වූයේ කෙසේද? යන්න මෙම පර්යේෂණයේ අධ්‍යයන ගැටලුවයි. වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මධ්‍යශිලා යුගයේ සිට ජනාවාස බිහිවීමට බලපෑ සමාජ, ආර්ථීක, දේශපාලනික හා ආගමික හේතු පිළිබඳව විග්රහ කිරීමත් රුහුණ හා රජරට ප්‍රදේශ හා සමාන ඉතිහාසයක් ඇතිබව පෙන්වා දීමත් මෙම පර්යේෂණයෙන් අපේක්ෂිතයි. ක්ෂේත්‍ර අධ්‍යයනය හා ක්ෂේත්‍ර නොවන අධ්‍යයන ක්‍රමවේද මඟින් දත්ත රැස් කරන ලදි. මෙම පර්යේෂණ සොයා ගැනීම්වලට අනුව අධ්‍යයන ප්‍රදේශය මධ්‍ය ශිලායුගයේ සිටම ජනාවාසකරණය ආරම්භ වී යුගයෙන් යුගය විකාසනයට පත්ව ඇත. ලිඛිත ඉතිහාසයක් සහිත අනුරාධපුර යුගයෙන් පසු කාලයේ ප්‍රාදේශීය පරිපාලන මධ්‍යස්ථානයක් වීම, සේනා සංවිධානය කළ ප්‍රදේශයක් වීම සහ එකල පවත්වන ලද ආගමික ඇදහිලි, පුද පුජා මෙන්ම අභිචාර විධි පිළිබඳව තොරතුරු මෙම අධ්‍යයනයෙන් අනාවරණය විය. මේ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනාවාසවීම මාධ්‍ය ශිලායුගයේ සිට විවිධ යුග හරහා ඒ ඒ යුගවල දේශපාලනික, ආගමික, ආර්ථික සහ සමාජ සංස්කෘතික අවශ්‍යතා අනුව සිදුවී ඇතිබව නිගමනය කළ හැක