Abstract:
බුදුදහම ශ්‍රි ලංකාවට දායාද වීමට පෙර සිටම දේව සංකල්පය මෙරට සමාජයෙහි මුල්බැසගත් බවට සාධක විද්‍යමානව පවතී. යක්ෂ, නාග, දේව ගෝත්‍ර මෙන්ම සුමන සමන් දෙවි ආදි වූ කතා පුවත් වංශකථා සාහිත්‍යය තුළ හා ජනප්‍රවාදවල දක්නට ලැබීම මඟින් එම සංකල්පය meyeදි,s වේ. වත්මන් සමාජයේද විවිධ දෙවිවරු ඇදහීමට ලාංකික සමාජය හුරු වී සිටින අතර පවුල් පරිසරය පදනම් කරගනිමින් පවුල තුළින් අනාදිමත් කාලයක සිට දේව වන්දනය, භක්තිය, විශ්වාසය මත තම යහපත් හා අයහපත් බලාපොරොත්තු හා ප්‍රර්ථනා ඉෂ්ට කරගැනීමේ පරමාර්ථය මත නූතනයේ බොහෝ පිරිසක් දේව වන්දනයෙහි යෙදීම බහුල වශයෙන් isදු වේ. ශ්‍රී ලංකා ජන සමාජයේ දේව සංකල්පය තහවුරුවීම සඳහා පවුල් සන්නිවේදනයේ භූමිකාව කෙසේ සිදුවීද පිළිබඳව විමසා බැලීම අධ්‍යයන ගැටලුව වේ. දැඩිමුණ්ඩ දේව සංකල්පය පිළිබඳ දැනුම හා අවබෝධය, පිළිගැනීම සමාජගතව පවතින ආකාරය පෙන්වාදීම මෙම අධ්‍යයනයේ අරමුණයි. සතර කෝරළයේ ප්‍රචලිත අලුත්නුවර දැඩිමුණ්ඩ දේව වන්දනය ඇසුරින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25ක් පමණ ප්‍රශ්නාවලි ක්‍රමය හා සම්මුඛ සාකච්ඡා ආශ්රයෙන් දත්ත රැස් කර ගන්නා ලද අතර එමෙන්ම දේවාල භුමියෙහි කරන ලද ස්වයං නිරීක්ෂණය හා පුස්තකාලය සමීක්ෂණ ක්‍රමවේදය මඟින්ද දත්ත රැස් කරන ලදි. මිනිසාගේ ජීවිතය හැසිරවීමේ බලයක් දෙවියන් තුළ පවතී යන්න විශ්වාස කිරීම එදාමෙදා තුර සමාජයේ පැවති සංකල්පයකි. දේව වන්දනය පාරම්පරිකව පැවත ආ අයුරු හා ස්ත්‍රි ප්‍රජාව සතු දේව වන්දනය පිළිබඳව විශ්වාසය හා ඇදහීම පිරිමි පාර්ශ්වය තුළ ඉතා අඩු මට්ටමක වූ අතර එහිදී ලෙඩදුක්, ග්‍රහ අපල, රෝබිය, විභාග ජයගැනීම්, අස්වැන්න සාර්ථක කරගැනීම, නඩු හබවලින් ජය ගැනීම් ආදි වූ ජිවිතයේ මුහුණ දෙන සුඛ දුක්ඛදායක තත්ත්වයන්ට දෙවියන්ගෙන් පිහිට පැතීම හඳුනාගත හැකිවිය. වැඩහිටි පිරිස මෙන්ම නූතන තරුණ ප්රජාවද දේව වන්දනයෙහි එක සමාන ඇදහිලි හා විශ්වාස මත පිහිටන බව හඳුනාගත හැකිවිය. මෙවැනි ප්‍රබල බලපෑමක් මිනිස් සිතුවිලි වෙත එල්ල කිරීමට පවුල තුළින් කරන ලද දෙවියන් පිළිබඳ සන්නිවේදනය ඉතා වැදගත් තැනක් ගන්නා බව හඳුනාගත හැකිවිය. දැඩිමුණ්ඩ දේව සංකල්පය සමාජයේ තහවුරුවීම සඳහා දෙවියන් පිළිබඳ සමාජගත දැනුම හා අවබෝධය, පිළිගැනීම ඉහළ මට්ටමක පැවතීමත්, පරම්පරාවෙන් පරම්පරාවට දේව සංකල්පය ඇදහීම හා විශ්වාසය සන්නිවේදනය වර්ධනය වෙමින් එය සමාජය තුළ තහවුරු වූ බවත් නිගමනය කළ හැකිය.