Abstract:
අධ්‍යාපනය යනු මානව සම්පතෙහි වටිනාකම වැඩි දියුණු කිරීම සඳහා යොදාගැනෙන සුවිශේෂ මෙවලමක් වේ. අතීතයේ අධ්‍යාපනය ලැබිය හැකි වූයේ පන්ති කාමර අධ්‍යයනය හරහා පමණි. එනම් මුහුණට -මුහුණ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන අධ්‍යාපනය ලැබීමේ ක්‍රමය විය. නමුත් ලොව පුරා ක්‍රමයෙන් සිදු වූ තාක්ෂණික දියුණුව සමඟ අධ්‍යාපනයද සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගියේය. නූතනයේ අධ්‍යාපනය ඕනෑම තැනක ඕනෑම වෙලාවක මාර්ගගතව ඉගෙනීමේ පහසුව ලැබී ඇත. ලංකාවේද මාර්ගගත අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමය මෑතකදී වේගයෙන් ව්‍යාප්ත විය. මේ වන විට covid 19 වසංගතය පැතිරීම සමග ලංකාවේ බහුතරයක් විශ්වවිද්‍යාල තුළද අධ්‍යාපනය ලබාදීමේ ප්‍රධාන ක්‍රමවේදය බවට මෙය පත්ව තිබේ. මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය සහ සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපනය මඟින් ලබා දෙන ප්‍රතිඵලයේ වෙනසක් පවතීද යන ගැටලුව මෙහිදී අධ්‍යයනය කෙරුණි. රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් 120ක් නියැදිය ලෙස යොදා ගනිමින් මෙම අධ්‍යයනය කරන ලදි. අධ්‍යයන නියැදිය තෝරා ගැනීම සඳහා ස්තෘත සසම්භාවීය නියැදීම් ක්‍රමය යොදා ගැනුණි. නියැදිගත ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රශ්නාවලි ක්‍රමය යොදා ගනු ලැබීය. එසේ රැස් කර ගත් දත්ත යුගල පරීක්ෂණයක් සහ බහුගුණ ප්‍රතිපායන ඇස්තමේන්තු ක්‍රමය භාවිත කරමින් සංඛ්‍යාත්මක විශ්ලේෂණය සිදු කරනු ලැබීය. මෙහිදී ලබාගත් අධ්‍යයන ප්‍රතිඵලවලට අනුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ සිසුන්ගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යටතේ ලබා යත් ශිෂ්‍ය ශ්‍රේණි ලක්ෂ්‍ය අගය පන්තිකාමර අධ්‍යයනයේදී ලබා ගත් ශිෂ්‍ය ශ්‍රේණි ලක්ෂ්‍ය අගයට සාපේක්ෂව පහළ අගයක් ගන්නා බව හඳුනා ගැනුණි. එසේම මාර්ගගත අධ්‍යාපනයේදී ශිෂ්‍ය ශ්‍රේණි ලක්ෂ්‍ය අගයට බලපෑ සාධක ලෙස සිසුන් දේශන සඳහා සහභාගි වන කාලය, ස්වයං අධ්‍යයනයේ යෙදෙන කාලය, තාක්ෂණික හැකියාව, අන්තර්ජාල සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය සහ අන්තර්ජාල සම්බන්ධතාව සඳහා වන වියදම යන සාධක බලපාන බව හඳුනාගැනිණි. මෙම සාධකවල බලපෑමේ ප්‍රමාණය සහ ස්වභාවය අනුව සිසුන්ගේ ශිෂ්‍ය ශ්‍රේණි ලක්ෂ්‍ය අගය අඩුවැඩිවීම සිදුවී ඇතිබවද හඳුනාගැනුණි.