Abstract:
උද්ගතව ඇති කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ මුල් කාර්තුවේ සිට අද වන තෙක් ලාංකේය ජන සමාජයට පැනවුණු සීමා බොහෝය. වසංගතය අබිමුව තර්ජනයට ලක්වූ ක්ෂේත්රද රාශියකි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් සංචරණ සීමා පැනවීමත් සමග සමස්ත අධ්‍යාපන ක්ෂේත්රය අඩපණ වීමකට ලක්වූ අතර එමඟින් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවටද බලපෑමක් එල්ල විය. විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාළවීම වළක්වා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගෙනදුන් විසඳුම වූයේ ‘zoom මෘදුකාංගයයි. එතැන් සිට විශ්වවිද්‍යාලයීය සිසුන් තාක්ෂණික පසුබිමක සිට ස්වකීය අධ්‍යයන කටයුතුවල නිරතවීමක් දක්නට ඇත. “සයිබර්කරණය හමුවේ විශ්වවිද්‍යාල ප්‍රජාව ’zoom මෘදුකාංගය සම්බන්ධව දක්වන ආකල්ප කෙබඳු වීද?” යන ගැටලුව මුල්කර ගනිමින් මෙම පර්යේෂණය කරන ලදි. පර්යේෂණයේ අරමුණ වූයේ කොවිඩ්-19 අර්බුදය හමුවේ තාක්ෂණික ක්‍රමවේදවලට අනුගතවන විශ්වවිද්‍යාලයීය සිසුන් ‘zoom මෘදුකාංගය ඔස්සේ අත්විඳි අත්දැකිම් විධිමත්ව විමර්ශනය කිරීමයි. මෙහිදී තොරතුරු රැස් කර ගැනීමට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය උපයෝගි කරගත් අතරම ශිෂ්‍ය තොරතුරු සහ අදහස් එක්රැස් කරගැනීමට ගූගල් පෝරමයක් ආශ්රයෙන් ප්‍රශ්නාවලියක් යොමුකරන ලදි. කොවිඩ්-19 වැනි ගෝලීය අර්බුදකාරී වාතාවරණයක් තුළ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ‘zoom අවකාශය කදිම පිළියමක් වුවද එය සියල්ලන්ටම එක ලෙස යහපත් ප්‍රතිඵල අත්කර නොදුන් බව මෙම පර්යේෂණයෙන් පසක් විය. ‘zoomමෘදුකාංගය භාවිතයට මුල් පියවර තැබීමේ අවස්ථාවේදී පවා විශ්වවිද්‍යාල සිසුන්ට විවිධ ගැටලු මතු වී ඇත. එමෙන්ම තාක්ෂණය පිළිබඳව ඇති දැනුම, ‘zoom අවකාශයට පිවිසීමට අවශ්‍ය උපාංග, අන්තර්ජාල සබඳතා හා විද්‍යුත් සබඳතා ආදී ක්ෂේත්‍ර මූලික කොට ගෙන ඔවුන් මුහුණ පෑ අද්දැකීම් පිළිබඳවද මෙම පර්යේෂණයෙන් අනාවරණය කර ගැනීමට හැකි විය. එහෙයින් ’zoom මෘදුකාංගය එක්තරා සමස්තයක් වශයෙන් නොව, භාවිතයේදී පවතින අපහසුතා මගහරවා ගනිමින් උපරිම ප්‍රයෝජන ළඟා කරගත හැකි තාක්ෂණික භාවිතාවක් ලෙස විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ට සමීප කළ යුතුය. ඒ සඳහා ඔවුන් මුහුණ පාන ගැටලුවලට නිසි අවධානය යොමු කිරීමෙන් අනතුරුව එම අවස්ථාවට වඩා උචිත විසඳුම්ද ලබාදීම කාලෝචිත වේ.