Abstract:
සංගීතයේ පොදු ධර්මතාව වනුයේ සෞන්දර්යයේ මුඛ්‍ය පරමාර්ථයක් වන භාව උද්දීපනය කිරීම හා ධ්වනිය පාදක කොටගෙන සන්නිවේදනය කිරීමයි. සංගීතය වින්දනාත්මක නාද සහ රිද්ම සමූහයකින් නිර්මාණය වන අතර එය සාපේක්ෂ ව ඇගයීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැක. එහෙත් සංස්කෘතික සංකලනය හමුවේ සංගීතය විවිධ ප්‍රභේද සහ ශානර නියෝජනය කරනු ලබයි. එහි දී සමාජ කණ්ඩායම් හා අන්‍යෝන්‍ය පුද්ගලයන් අතර මෙන් ම සමාජ ජාලාවල ඇති වන ප්‍රධාන සංගීත කථිකාවක් වන මාර්ගස්ථ මගී ප්‍රවාහන බස්රථවල භාවිත සංගීත ප්‍රභේද පිළිබඳ ව ඇති සමාජ කථිකාව පිළිබඳ පර්යේෂණය කිරීම ප්‍රධාන අරමුණ වේ. මෙහි දී බස්රථවල සංගීත ප්‍රභේද භාවිත කරනු ලබන්නේ කුමන හේතුවෙන් ද, ශ්‍රවණය කෙරෙන සංගීත ප්‍රභේද සහ ශානර මෙන් ම අදාළ සංගීත ප්‍රභේද හෝ ශානර තෝරගැනීමට පාදක කාරණා ආදිය ඇතුළත් කොට මගී ප්‍රවාහන බස්රථවල දෛනිකව භාවිත සංගීත ප්‍රභේද පිළිබඳ කාල රාමුවක් ද සංස්කරණය කරන ලදී.