Abstract:
තදාත්මීය විඝටනය යනු ප්‍රේක්ෂකයා නළුවන් සමග ආත්මීය ව බැඳීයාමට ඉඩ නොදීමයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පැවසූයේ නළුවන් සමග හැඟීමෙන් එක්නොවී නාට්‍ය තාර්කික ව විමසිය යුතු බව ය. මෙම ලක්ෂණය ලංකාවේ “සොකරි ජන නාට්‍ය” මගින් ද හඳුනාගත හැකිවීම විශේෂ ලක්ෂණයකි. ඉන් විනෝදාස්වාදය පමණක් නොව සමාජයට සේවයක් ඉටුවිය යුතු බව ගැමියන්ගේ පිළිගැනීමයි. සොකරි, පැරණි නොවියත් හුදී ජනයාගේ සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුවත් එහි ඇතැම් අංග ලක්ෂණ බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය වෙතින් ද දැකගත හැකිවීම විශේෂතාවකි. මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ “බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ තදාත්මීය විඝටන නාට්‍ය රීතිය ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍යයක් වශයෙන් පවතින සොකරි නාට්‍යයෙහි විද්‍යමාන වන්නේ කුමන ආකාරයෙන් ද” යන්න විමසා බැලීමයි.