Abstract:
ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේ දී ශිලාලේඛන වැදගත් මූලාශ්‍රයක් ලෙස හඳුනාගත හැකි ය. සෙල්ලිපි යනු ගල්වල සටහන් කරන ලද ලේඛනයි. භාෂාත්මක තොරතුරු හා ඓතිහාසික සමාජීය තොරතුරු අධ්‍යයනයේ දී සෙල්ලිපිවලට මූලික ස්ථානයක් හිමි වනුයේ ඒවායෙහි ලියැවී ඇති තොරතුරු පිළිබඳ විශ්වසනීයත්වයක් තැබිය හැකි බැවිනි. 10 වන සියවසේ දී ලක්දිව ලියැවී ඇති සෙල්ලිපි අතර බදුලු ටැම් ලිපිය සුවිශේෂ සෙල්ලිපියක් වනුයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යවස්ථාවක් එයින් ඉදිරිපත් වන බැවිනි. ඓතිහාසික වශයෙන් දේශපාලනික, ආර්ථික, සංස්කෘතික සමාජීය තතු රැසක් තත් ලිපියෙන් අනාවරණය කර ගත හැකි වුව ද, මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ එයින් හෙළිවන සමකාලීන පාලන තන්ත්රය හා සබැඳි තනතුරු නාම හඳුනා ගැනීමයි. ඒ අනුව පර්යේෂණ ගැටලුව වන්නේ බදුලු ටැම් ලිපියෙන් හෙළිදරව් වන සමකාලීන පාලන තන්ත්රය හා සබැඳි තනතුරු නාම හා එම තනතුරු දැරූ නිලධාරීන්ගේ කාර්යභාරය කුමක්ද යන්න විමසා බැලීමයි.