Abstract:
ශ්‍රී ලංකාවේ නගර නිසි සැලසුම්කරණයකට ප්‍රවේශ වී ඇත්තේ 19 සියවස මැද භාගයේ දී ය. ක්රමානුකූල නගර සංවර්ධනය සඳහා ම බිහි වූ ව්‍යවස්ථා සම්පාදනයන් ලෙස මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ නගර බිහිවෙමින් පවතී. නාගරික සැලසුම්කරණයේ ප්‍රායෝගිකත්වය හා ඒ ආශ්රිත ගැටලු පිළිබඳ විශ්ලේෂණය කිරීමේ දී සබරගමුව පළාතේ ප්‍රධාන පරිපාලන අගනගරය වශයෙන් පවතින රත්නපුර නගරය තෝරාගත් අතර රත්නපුර නගර සභා සීමාවේ ජනගහනය ආසන්න වශයෙන් දස දහසක් වන අතර එහි විශාලත්වය වර්ග කි.මි. 22.2 කි. රත්නපුර ප්‍රදේශය මැණික් සම්පත බහුල ප්‍රදේශයක් හා ඓතිහාසික ස්ථානවලින් යුක්ත නගරයකි. මෙහි දී රත්නපුර පැරණි නගරය හා නව නගරය අතර ගමනාගමන කටයුතු සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීමත්, ඇතැම් පරිපාලන ආයතන තවමත් පැරණි නගරයේ ස්ථාපනය වීමත් නිසා සියලු ම පරිපාලන කටයුතු නව නගරය හරහා සිදු නොවීම ද, වාර්ෂික ගංවතුර තත්ත්වය ඇති වූ විට පැරණි නගරය ගංවතුර අවධානමට ලක් වේ. එම නිසා ප්‍රදේශයේ ජනතාවට නව නගරයට ප්‍රවේශ විය හැකි මාර්ග ගංවතුරින් වැසී යාම නිසා පරිපාලන කටයුතු ද අඩාළ වේ. අධ්‍යයනයේ අරමුණු ලෙස රත්නපුර නගරය ආශ්රිත නාගරික ගැටලු හා නාගරික සැලසුම්කරණයේ අවශ්‍යතාව හඳුනාගැනීම පෙන්වා දිය හැකි ය.