Abstract:
මනුස්මෘතිය වනාහි තත්කාලීන ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි විමර්ශනය් කිරීමට
උපකාරී වන ප්‍රධාන මූලාශ්‍රයකි. ගෘහ්‍ය සූත්‍ර ගණයට ගැනෙන මෙහි භාරතීය චින්තනධාරාව
පිළ ිබඳ ප්රමුඛ ඉගැන්වීම් ද දැක්වේ. එහෙයින ් මනුස්මෘතියට අනුගත ව එහි පැහැදිලි කරන
ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදුකිරීම මෙයින ් අපේක්ෂිතය.
මනුස්මෘතියේ ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගනිමින් ශිෂ්‍ය අවධියේ කළ යුතු, පිළිපැදිය යුතු විවිධ
ක්‍රියාකාරකම් රාශියක් පිළිබඳ ව සඳහන් වේ. එහි දී ඒ ඒ කුලයන්ට අනුගත ව උපතේ සිට
කළ යුතු උපනයනය ආදි වූ වත් පිළිවෙත් මෙහි පැහැදිලි කර තිබේ. ඒ අනුව බ්‍රාහ්මණ
දරුවකුගේ ඛෙල්ලේ බඳින පූන නූල නොහොත් යාග නූල කපු නූල් තුන් පටකින් දකුණට
අඹරාගත යුතුය. ක්ෂත්රීය දරුවාගේ හණවලින් ද වෛශ්‍ය දරුවාගේ නුල්වලින් ද අඹරාගත
යුතුය. එමෙන් ම ඔවුන් ශිෂ්‍ය අවධිය ගතකරන කාල සීමාවේ රැගෙන යා යුතු, අතේ තිබිය
යුතු දණ්ඩ පිළ ිබද ව ද මෙහි සඳහන් වේ. ඒ අනුව බ්‍රාහ්මණයා ඛෙලි දණ්ඩකින් කළ
සැරයැටියක් ද ක්ෂත්රියයා කිහිරි ලීයක් ද වෛශ්‍යයා උදුම්බරා ලීයක් ද (අත්තික්කා) රැගෙන
යා යුතු බව දැක්වේ. එමෙන් ම මෙම සැරයටිය ප්‍රමාණයෙන් කෙතෙක් දුරට දැක්විය යුතු
ද යන්නත් මෙහි දැක්වේ. ඒ අනුව දෙපතුලේ සිට කෙස් දක්වා බ්‍රාහ්මණයාගේ ද නළල
තෙක් ක්ෂත්‍රියාගේ ද නාස් තුඩ තෙක් වෛශ්‍යයාගේ ද සැරයටිය දික්විය යුතු ය. මෙම
සියලූ ම කරුණු බාහිර වශයෙන් පුද්ගලයා හැඳිනගැනීමට දැරූ ප්රයත්නයක් ලෙස දැක්විය
හැකිය. මෙම බාහිර කරුණු වඩාත් උනන්දුවෙන් අනුගමනය කිරීමෙන් පසු ව ඔහු ශිෂ්‍ය
අවධියට එළෙඕ. එය උපනයනයෙන් පසු ව කරන කාර්යයකි. උපනයනය සිදු කිරීමෙන්
අනතුරු ව ආත්මපාරිශ=ද ්ධිය, හැසිරීම, ගිනිදෙවියන් පිද ීම, සන්ධ්‍යාවේ කළ යුතු වතාවත්
ආදිය සිදුකිරීම පිළිබඳ ගුරුවරයා විසින් ශිෂ්‍යයාට උපදෙස් ලබාදිය යුතු ය. ඉන් පසු ව එම
ශිෂ්‍යයා අධ්‍යයන කාර්ය සඳහා සුදුස්සකු ලෙස සැලකෙන අතර, එකී ශිෂ්‍යයා උදෙසා
අධ්‍යාපනය ලබාදෙනු ලබන ්නේ ඔහු තුළ පැවැතිය යුතු, ඔහු වර්ධනය කරගත යුතු ඇතැම්
ගුණධර්ම දියුණු කරගැනීමෙන් අනතුරු ව ය. වේදය අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන
ශිෂ්‍යයා ඒ පිළිබඳ උපදෙස් ලබාගත යුත්තේය. ඒ අනුව දිව්‍ය නීතිය අනුව ජල පානය,
බ්රාහ්මාඤ්ජලීය කිරීම, පිරිසුදු වස්ත්‍රයක් හැඳ ගැනීම, ඉන්ද්රිය දමනය කිරීමාදිය අනුගමනය
කළ යුතුය. ඉන් අනතුරු ව වේදාධ්‍යයනය කිරීමට හැකියාව ලබා ගනියි.