මනුස්මෘතියේ පැහැදිලි කරන ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනයක්

Show simple item record

dc.contributor.author ගුණසෝම හිමි, ඒරුවැවේ
dc.date.accessioned 2023-01-02T04:43:09Z
dc.date.available 2023-01-02T04:43:09Z
dc.date.issued 2021-11-25
dc.identifier.issn 28150414
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/10047
dc.description.abstract මනුස්මෘතිය වනාහි තත්කාලීන ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි විමර්ශනය් කිරීමට උපකාරී වන ප්‍රධාන මූලාශ්‍රයකි. ගෘහ්‍ය සූත්‍ර ගණයට ගැනෙන මෙහි භාරතීය චින්තනධාරාව පිළ ිබඳ ප්‍රමුඛ ඉගැන්වීම් ද දැක්වේ. එහෙයින ් මනුස්මෘතියට අනුගත ව එහි පැහැදිලි කරන ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදුකිරීම මෙයින ් අපේක්ෂිතය. මනුස්මෘතියේ ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගනිමින් ශිෂ්‍ය අවධියේ කළ යුතු, පිළිපැදිය යුතු විවිධ ක්‍රියාකාරකම් රාශියක් පිළිබඳ ව සඳහන් වේ. එහි දී ඒ ඒ කුලයන්ට අනුගත ව උපතේ සිට කළ යුතු උපනයනය ආදි වූ වත් පිළිවෙත් මෙහි පැහැදිලි කර තිබේ. ඒ අනුව බ්‍රාහ්මණ දරුවකුගේ ඛෙල්ලේ බඳින පූන නූල නොහොත් යාග නූල කපු නූල් තුන් පටකින් දකුණට අඹරාගත යුතුය. ක්ෂත්‍රීය දරුවාගේ හණවලින් ද වෛශ්‍ය දරුවාගේ නුල්වලින් ද අඹරාගත යුතුය. එමෙන් ම ඔවුන් ශිෂ්‍ය අවධිය ගතකරන කාල සීමාවේ රැගෙන යා යුතු, අතේ තිබිය යුතු දණ්ඩ පිළ ිබද ව ද මෙහි සඳහන් වේ. ඒ අනුව බ්‍රාහ්මණයා ඛෙලි දණ්ඩකින් කළ සැරයැටියක් ද ක්ෂත්‍රියයා කිහිරි ලීයක් ද වෛශ්‍යයා උදුම්බරා ලීයක් ද (අත්තික්කා) රැගෙන යා යුතු බව දැක්වේ. එමෙන් ම මෙම සැරයටිය ප්‍රමාණයෙන් කෙතෙක් දුරට දැක්විය යුතු ද යන්නත් මෙහි දැක්වේ. ඒ අනුව දෙපතුලේ සිට කෙස් දක්වා බ්‍රාහ්මණයාගේ ද නළල තෙක් ක්ෂත්‍රියාගේ ද නාස් තුඩ තෙක් වෛශ්‍යයාගේ ද සැරයටිය දික්විය යුතු ය. මෙම සියලූ ම කරුණු බාහිර වශයෙන් පුද්ගලයා හැඳිනගැනීමට දැරූ ප්‍රයත්නයක් ලෙස දැක්විය හැකිය. මෙම බාහිර කරුණු වඩාත් උනන්දුවෙන් අනුගමනය කිරීමෙන් පසු ව ඔහු ශිෂ්‍ය අවධියට එළෙඕ. එය උපනයනයෙන් පසු ව කරන කාර්යයකි. උපනයනය සිදු කිරීමෙන් අනතුරු ව ආත්මපාරිශ=ද ්ධිය, හැසිරීම, ගිනිදෙවියන් පිද ීම, සන්ධ්‍යාවේ කළ යුතු වතාවත් ආදිය සිදුකිරීම පිළිබඳ ගුරුවරයා විසින් ශිෂ්‍යයාට උපදෙස් ලබාදිය යුතු ය. ඉන් පසු ව එම ශිෂ්‍යයා අධ්‍යයන කාර්ය සඳහා සුදුස්සකු ලෙස සැලකෙන අතර, එකී ශිෂ්‍යයා උදෙසා අධ්‍යාපනය ලබාදෙනු ලබන ්නේ ඔහු තුළ පැවැතිය යුතු, ඔහු වර්ධනය කරගත යුතු ඇතැම් ගුණධර්ම දියුණු කරගැනීමෙන් අනතුරු ව ය. වේදය අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන ශිෂ්‍යයා ඒ පිළිබඳ උපදෙස් ලබාගත යුත්තේය. ඒ අනුව දිව්‍ය නීතිය අනුව ජල පානය, බ්‍රාහ්මාඤ්ජලීය කිරීම, පිරිසුදු වස්ත්‍රයක් හැඳ ගැනීම, ඉන්ද්‍රිය දමනය කිරීමාදිය අනුගමනය කළ යුතුය. ඉන් අනතුරු ව වේදාධ්‍යයනය කිරීමට හැකියාව ලබා ගනියි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Department of Pali and Buddhist Studies, Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka en_US
dc.subject ආචාර්ය en_US
dc.subject උපාධ්‍යාය en_US
dc.subject මනුස්මෘතිය en_US
dc.subject වෛදික සාහිත්‍ය en_US
dc.subject ශිෂ්‍යයා en_US
dc.title මනුස්මෘතියේ පැහැදිලි කරන ශිෂ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account