Abstract:
ආර්ථික අර්බුදයට පෙර නැගෙනහිර හා ගිණිකොණ දිග ආසියානු රටවල ආර්ථිකයන්ගේ තත්ත්වය පිළිබඳ විමසා බැලීම තුළින් එය අර්බුදයක් ලෙස හැදින්වීම කොතරම් දුරට සාධාරණ දැයි අපට හැගි යනු ඇත.
1960 දශකයෙන් පසු මෙම කලාපයේ රටවල් කීපයක් අනුගමනය කරන ලද නව කාර්මික ආර්ථික ප්රතිපත්ති තුළින් 70 හා 80 දශකවලදී සීඝ්ර ආර්ථික දියුණුවක් අත්කර ගන්නා ලදී. East Asian Miracle සඟරාවෙන් දක්වන පරිදි මෙම රටවල් 8% ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන ගොස් ඇත. එයට බලපෑ හේතු රාශියක් කැපී පෙනෙන්නට විය. ඒවා අතර 40% ක පමණ ඉහළ ආයෝජන මට්ටමක් පවත්වාගෙන යාම, 35% ක පමණ දේශිය ඉතුරුමි පැවතීම, මානව ප්රාග්ධනයේ ඵලදායිතාවය ඉහළ යාම, කෘෂිකාර්මික සඵලදායිත්වය, රජයේ මැදිඑත්වීම හා කාර්යක්ෂම පරිපාලනය ප්රධාන විය.