Abstract:
මෙරටට බුදුදහම හඳුන්වා දුන් අනුරාධපුර යුගයේ මුල් කාලයට වඩා විහාරාරාම පාලනයට අදාළ බොහෝ වෙනස්කම් මෙම යුගයේ අවසන් භාගය වනවිට දැකිය හැකිය. එවැනි වෙනස්කම් ඇතිවීම සඳහා බලපාන ලද කරුණු කවරේ ද? යන්න ඉතිහාස කෘති තුළ නිශ්චිත ව දක්වා නො තිබීම ගැටලූවකි. මෙම ගැටලූව විමර්ශනය කිරීම සඳහා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික පර්යේෂණ ක්‍රමවේද ඔස්සේ ක්ෂේත්‍ර අධ්‍යයන හා පුස්තකාල අධ්‍යයනය මත පදනම් ව සිදු කෙරෙන මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ අනුරාධපුර යුගයේ දී මෙරට විහාරාරාම පාලනය වී ඇති ආකාරය පිළිබඳ තොරතුරු ශිලාලේඛන ආශ්රයෙන් විමසා බලා කාලයත් සමඟ එම ක්‍රියාවලියේ සිදුව ඇති වෙනස්කම් අධ්‍යයනය කිරීමය. ක්‍රි.පූ. හතර වන සියවසේ සිට ක්‍රි.ව. එකොළොස් වන සියවසේ ආරම්භක කාලය දක්වා අනුරාධපුර නගරය කේන්ද්‍රකොටගෙන මෙරට රාජ්‍යයක් ස්ථාපිත ව පැවති අතර එම රාජ්‍ය පැවති සමස්ත කාලච්ජේ පොදුවේ අනුරාධපුර යුගය යනුවෙන් හඳුන්වනු ලැබේ. මිහිඳු හිමියන් මෙරටට බුදුදහම හඳුන්වා දුන් පසු එය මෙරට රාජ්‍ය ආගම බවට පත් ව රටේ සියලූ දිසාවන් කරා කෙටි කාලයක දී ව්‍යාප්ත විය. එසේ බුදුදහම රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ භිකෂූන්වහන්සේලාගේ වාසය සඳහා විහාරාරාම පද්ධතියක් ද නිර්මාණය වී එය කලින් කලට විවිධ පිරිස්හි අනුග්‍රහය ලැබීම මත සංකීර්ණ විය. මුල් කාලයේ දී භිකෂූත්වයට හෝ ආරාමවල පැවැත්ම සඳහා බලපානු ලබන අර්බුදවලින් තොර ව මෙම විහාරාරාම පාලනය වුව ද ක්‍රමයෙන් ආරාම අංඟ දියුණුවට පත් වීමත් සමඟ විහාරාරාමවල නේවාසික භිකෂූන් වහන්සේලාගේ ප්‍රමාණය වැඩි වීම, රට පුරා ඇති වූ විහාරාරාමවල සංඛ්‍යාව වැඩි වීම, විවිධ ක්‍රමවලින් විහාරාරාම සඳහා ලැඛෙන ආදායම් මාර්ග වැඩි වීම හා මහායාන බුදුසමයේ බලපෑම නිසා එතෙක් ක්‍රමවත් ව පැවති භිකෂු සමාජයෙහි යම් යම් පිරිහීම් ඇති විය. එනිසා භිකෂු සමාජයේ පැවැත්ම සඳහා පාලන ක්‍රම හා නීති රීති පැනවීම කාලයෙන් කාලයට සිදුව තිබේ. අනුරාධපුර යුගයේ අවසන් සමය වනවිට මෙම තත්ත්වය උග්‍ර වී ඇත. මෙම සමයේ දී ද පෙර මෙන් ම විහාරාරාම පාලනය භිකෂූන් වෙත ම පැවති අතර ගිහියන් ඒ සඳහා අනුග්‍රහය දැක්වීම පමණක් සිදුකර ඇත. ඒ බැව් මිහින්තලා පුවරු ලිපිය, ජේතවනාරාම සංස්කෘත ලිපිය, පස් වන කාශ්‍යප රජුගේ වෙස්සගිරිය පුවරු ලිපිය ආදී ශිලාලේඛන විමැසීමෙන් පෙනී යයි. එසේ වුව ද අනුරාධපුර යුගයේ අවසන් සමයේ දී විහාරාරාම පාලනය එම යුගයේ ආරම්භයට හා වර්තමානයේ සිදුවන ආකාරයට බොහෝ සෙයින වෙනස් ව ක්‍රියාත්මක ව පැවති බව මෙම ලිපි තුළ ඇතුළත් තොරතුරු ඇසුරින් නිගමනය කළ හැකිය.